තරුණ පෙදරේරුවන් 4500ක් පුහුණු කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක්
තරුණ පෙදරේරුවන් 4,500කට ජාත්‍යන්තරව පිළිගනු ලබන වෘත්තීය සහතිකයක් ලබාදීම සඳහා වූ වැඩපිළිවෙලක් සඳහා ත්රෛපාක්ෂික අවබෝධතා ගිවිසුමක් පසුගිය 02දා තාක්ෂණ හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේදී අත්සන් කර තිබේ.
මෙම ගිවිසුම අත්සන් කළ පාර්ශ්ව තුන වූයේ ජාතික ආධුනිකත්ව සහ කර්මාන්ත පුහුණු අධිකාරිය (නයිටා), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (නෙඩා) සහ ඉන්සෙක් සිමෙන්ට් යන ආයතනයයි.
මෙහිදී, පළපුරුදු පෙදරේරුවකු යටතේ මූලික පුහුණුවක් ලද තරුණ පෙදරේරුවන් 4,500ක් දිවයිනේ සෑම ප්‍රදේශවලින්ම තෝරාගන්නා අතර, ඔවුන් ඉතා කෙටි විධිමත් පුහුණුවක් ලබාදෙන බව කියයි.
ඉන්පසු පැවැත්වෙන යෝග්‍යතා පරීක්ෂණයකින් සමත්වන්නන්ට නයිටා ආයතනය ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවේ (NVQ) 3 වැනි මට්ටමේ විභාගයට පෙනී සිටීමේ වරම හිමිවන අතර, එම විභාගය සමත්වන්නන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකමක් වන NVQ 3 සහතිකය පිරිනමනු ලබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
															
 
                                                
                                                
                                                
                                                
                                                
                                                