ජනපති එංගලන්තයට
( . . ) 2018-04-15 15:30:27
Comments - 0       Views - 572

පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුවවට එක්වීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15දා) එංගලන්තය බලා පිටත්ව ගියේය.

ජනපතිවරයා අප්‍රේල් මස 21 වැනිදා දක්වා එංගලන්තයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය හා සාකච්ඡා පැවැත්වීමද නියමිතය.

මෙහිදී ජනපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදයද ඇමතීමට නියමිතව ඇති අතර එළිසබෙත් රැජිනියගේ 92 වැනි උපන්දින විශේෂ සැමරුම් උත්සවයකදට එක්වීමට නියමිතව ඇත.

Sira-02

ජනපති එංගලන්තයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :