තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන්න - එජාප පසුපෙළ මන්ත්‍රීන්
( චාමර සම්පත් ) 2018-02-13 13:36:12
Comments - 1       Views - 1464

තනි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් ඉතා ඉක්මනින් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

මෙතෙක් එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් කටයුතු කිරීමට නොහැකි වූයේ තනි ආණ්ඩුවක් නොමැතිකම හේතුවෙන් බවත්, පාක්ෂිකයන් පිළිබඳ සලකා බලා වහාම තනි ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.

එක්සත් ජාතික පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී සාච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

united-national-party-unp-sri-lanka-logo

 

තනි එජාප ආණ්ඩුවක් පිහිටුවන්න - එජාප පසුපෙළ මන්ත්‍රීන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by බණ්ඩාර on (2018-02-13 03:11:27)

ලොක්කට අයින්වෙන්න කියන්න කාටවත් කොන්දක් තිබුනේ නැද්ද?

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :