සයිටම් ගැටලුව විසඳිය යුතු අයුරු GMOA කියයි
( ඉන්දික හේවාවිතාරණ ) 2017-10-23 14:27:34
Comments - 1       Views - 930

සයිටම් ගැටලුව සත්‍යය ලෙස විසඳන්නේ නම්, මහානායක ස්වාමීන් වහන්සේලා අවධාරණය කරන පීඨාධිපතිවරුන්ගේ යෝජනා පදනම් කරගෙන විසඳුමක් ලබාදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ නොමැතිව ව්‍යාජ විසඳුම් ලබාදීම හරහා සයිටම් අර්බුදය තවදුරටත් පිළිලයක් බවට පත්වන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් පීඨාධිපතිවරුන්ගේ යෝජනා පදනම් කර ගෙන විසඳුමක් ලබාදෙන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (23දා) ලිපියක් යවමින් ඉල්ලා සිටි බවද හෙතෙම පවසා සිටියේය. 

gmoa

සයිටම් ගැටලුව විසඳිය යුතු අයුරු GMOA කියයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Lion on (2017-10-23 18:22:58)

day is not far away when these people start a strike indicating the way how should the government should govern this country.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :