වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක දෙපළක් අත්අඩංගුවට
( නරේන් විශ්වජිත් ) 2017-08-01 16:45:42
Comments - 0       Views - 173

වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක දෙපළක් වන ලියෝපෝල්ඩෝ ලෝපේස් සහ ඇන්තෝනියෝ ලෙඩීස්මා යළි අත්අඩංගුවට පත්ව ඇති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

2014 වසරේදී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වූ බවට චෝදනා නගමින් ඔවුන් දෙදෙනා රැඳවුම් භාරයේ තබාගෙන ඇති බව සඳහන් වෙයි.

රජයේ බුද්ධි නිලධාරීන් විසින් මෙම දේශපාලඥයන් දෙදෙනා රැගෙන ගොස් ඇති බවත්, මේ වනවිට ඔවුන් සිටින ස්ථාන තමන් නොදන්නා බවත් ඔවුන්ගේ ඥාතීන් මාධ්‍යයට පවසා තිබේ.

විවාදයට තුඩුදුන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩල මැතිවරණය පවත්වා දින දෙකකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති අතර, එම මැතිවරණ සමයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද රට පුරා පැවැත්විණි. ඒ අතරතුර පුද්ගලයන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වූහ.

මෙම විරුද්ධ පක්ෂ නායකයන් දෙදෙනාගෙන් ලෝපේස් සිය නිවසේ සිටියදී අලුයම පැමිණි බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔහුව රැගෙන ගිය බව ඔහුගේ බිරිඳ මාධ්‍ය වෙත පවසා තිබේ.

වෙනිසියුලාවේ විරුද්ධ පක්ෂ නායක දෙපළක් අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :