GMOA වෙතින් ගර්භිණී මව්වරුන්ට විශේෂ නිවේදනයක්
( එච්.අයි.තුෂාර ) 2017-05-29 16:16:25
Comments - 2       Views - 471

ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල හා ආරක්ෂිත කඳවුරුවල සිටින දරු ප්‍රසූතියට ආසන්න සියලුම ගර්භිණී මව්වරුන් ළඟම රෝහලට වාර්තා කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මීට අමතරව කිරිදෙන මව්වරුන් අඛණ්ඩව දරුවන්ට කිරි ලබාදිය යුතු බවත්, කිසිවිටෙකත් මව්කිරි දීමට හැකියාව තිබියදී පිටිකිරි ලබා නොදෙන ලෙසත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

පිටිකිරි ලබාදීම හරහා දරුවන් විජලනයට ලක්විය හැකි බවත්, මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෑමවිටම මව්කිරි ලබාදිය යුතු බවද අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය. 

GMOA වෙතින් ගර්භිණී මව්වරුන්ට විශේෂ නිවේදනයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by DILAN on (2017-05-29 05:21:14)

සයිටම් අහෝසි කරන්න එපාද? 

Posted by Ruwan on (2017-05-29 08:20:36)

These announcement should come from Ministry of Health. You as trade union never need to take the opportunity at this situation. You are currwntly neglected by the people of this currently.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :