මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියකගේ දේපළ ක්‍රියාවිරහිත කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 3ක් පමණ වටිනා දේපළ දින හතක කාලයක් ඳසහා ක්‍රියාවිරහිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් විසින් නීති විරෝධී ලෙස උපයාගත් මුදලින් මිලදී ගන්නා ලද රුපියල් කෝටි 3ක් පමණ වටිනා දේපළ දින හතක කාලයක් ඳසහා ක්‍රියාවිරහිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
රජය පොහොර සහනාධාරය ලෙස හෙක්ටයාරයකට මෙතෙක් ලබා දුන් රුපියල් 25,000ක මුදල රුපියල් 30,000ක් දක්වා වැඩි කර ඇති බවත් වී වගාව ආරම්භ කරන ලද භූමි ප්‍රමාණයෙන් සියයට 89ක් සඳහා පොහොර සහනාධාරය ගෙවා අවසන් කර ඇති බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයිි.
චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ උතුරු කොරියාවේ නිල රාජ්‍ය සංචාරයකට එක්වීමට නියමිතය. චීන ජනපතිවරයා යළිත් උතුරු කොරියා සංචාරයක් ආරම්භ කරන්නේ වසර 7කට පසුව වෙයි.
මීගොඩ දන්සලක පෝලිමක සිටි පිරිසක් හප්පා හය දෙනෙකුට මරු ඳකැවමින් සිදුකළ අනතුරේදී ඒම කැබ් රථයේ ගමන් කරමින් සිට පළා ගිය තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
Rebuilding Sri Lanka යනුවෙන් ව්‍යවස්ථාපිත අරමුදලක් නොමැති බවත් මෙය භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් යටතේ තිබෙන ගිණුමක් පමණක් බව ජාතික විගණන කාර්යාල නිලධාරීහු පෙන්වා දුන්හ. එසේම එමගින් මෙතෙක් කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත් නිලධාරීහු පැවසූහ. ඔවුන් මේ බව පෙන්වා දුන්නේ 2026 සඳහා වූ ජාතික විගණන කාර්යාලයේ වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් විගණකාධිපති සමුදිකා ජයරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දැනුවත් කිරීමේදීය.
කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කනස්සල්ල පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යංශය පවසයි. මෙම ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනකෙු තුවාල ලබා තිබේ.
ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බව සමාගම නිවේදනය කරයි. ඒ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වෙයි.
මෙරට මූලික රෝහල්වල පවතින අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක මුදලක් වැය කරමින් සිව් අවුරුදු විශේෂ සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
මෙරට පොල් අපනයන ආදායම මෙම වර්ෂයේ මුල්මාස හතර තුලදි ( ජන- අප්‍රේල්) ඇමරිකානු ඩොලර් මිලියන 185.7 දක්වා සියයට 19.8කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව පවසයි.
තණමල්විල පොලිස් වසමට අයත් කිතුල්කොටේ නෙළුවේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලි තුන්පත් රෑනක් වනජීවී නිලධාරීන් විසින් මුදවා ගෙන (04) වෙනිදා වනයට පළවා හරින ලදි.
ගල් අගුරු ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ අප්‍රේල් මාසයේ දි ඇමරිකානු ඩොලර් මිලියන 43.4ක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
මෙරට දහම්පාසල්වල දහම් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ගේ සංඛ්‍යාව පසුගිය වසර පහක (2021 -2025) කාලය තුලදි සැලකිය යුතු අයුරින් අඩුවි ඇති බැව් බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් නිකුත්කොට ඇති 2025 වර්ෂයට අදාළ ප්‍රගති වාර්තාවේ දත්ත විශ්ලේෂණය කිරිමේ දි අනාවරණය වේ.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමේ අවධානමක් නිසා ඉවත් කෙරුණු කොත්මලේ වැවන්ඩන් වතුයායේ පවුල් 25ක ජනතාවෙන් පවුල් 15ක් පමණ තමන්ට කූඩාරම්වල ජීවත්විය නොහැකි නිසා ගල් පෙරලීමේ අවධානමක් ඇති එම ජනතාව කලින් විසූ නිවාසවලම පදිංචි වී ඇති බව දැනට කූඩාරම්වල පදිංචිකරුවන් කියා සිටියි.
දේශීය හා විදේශීය වෙළෙඳපොළ තුළ ඉහළ වටිනාකමක් සහිත බෝගයක් වන කෝපි වගාව ශ්‍රී ලංකාව තුළ වැඩිදියුණු කිරීමේ අරමුණින් ඒ සඳහා රක්ෂණාවරණයක් ලබාදීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනයක් වන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කොට තිබේ.
නීතියෙන් මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවත් ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීම බවත් මුල් ළමා විය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගතව සිටින බවත් අධිකරණ ඇමති පවසයි.
සුවිශේෂී මූල්‍ය ගනුදෙනුවලදී බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය භාවිත කිරීම අනිවාර්ය කිරීම, ආදායම් ගණනය කරන ආකාරය පිළිබඳව සංශෝධන කිහිපයක් සිදු කිරීම, විශේෂිත ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු නිදහස් කිරීම් වඩාත් පැහැදිලි කිරීම, අදාළ බලධාරීන් වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ පරාසය පුළුල් කිරීම යන ප්‍රධානතම වෙනස්කම් කිහිපයක් මෙම නව පනත මඟින් හඳුන්වා දී ඇත.
නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත, එක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරිමට ජාතික කණ්ඩායම ලබන වසරේදී නවසීලන්තයේ සංචාරය කිරිමට නියමිතය. මෙම තරගාවලිය එක්දින තරග තුනක්, විස්සයි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙයි. තරගාවලිය ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිතය.
ගංජා භාවිතා කොට ඇතැයි කියන අම්බලන්ගොඩ හා අහුන්ගල්ල යන පොලිස් ස්ථාන දෙකේ පොලිස් කොස්තාපල්වරුන් හතර දෙනෙකුගේ සේවය ඊයේ (3) සිට අත්හිටවූ බව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරමින් සහ පුනර්ජනනීය බලශක්ති ඉලක්ක කරා යන ගමන වේගවත් කරමින්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදි කිරීමට නියමිත මෙගාවොට් 150 ක කොන්ඩච්චි සුළං බලාගාර ව්‍යාපෘතිය සහ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය (BESS) සංවර්ධනය කිරීම සඳහා වන ත්‍රෛපාර්ශ්වීය සහයෝගිතා ගිවිසුම (Tri-partite Cooperation Agreement) අද (ජුනි 04) පෙරවරු 9.30 ට කොළඹ පිහිටි බලශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, අද ( 04 ) දිනයේදීත් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් පහත වැටී ඇත.
ප්‍රධාන මාර්ගයේ හොරපේ උප දුම්රිය ස්ථානය ආසන්නයේ නවම්මහර දුම්රිය හරස් මාර්ගයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් ඉදිරි දින තුන සඳහා වාහන ගමනාගමනය සීමා කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
කෘතිම බුද්ධිය යොදාගනිමින් සකස් කල ජනාධිපතිතුමාගේ සහ අගමැතිනියගේ ව්‍යාජ වීඩියෝ අන්තර්ජාලයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනී හරිනි අමරසූරිය මෙනෙවිය හා සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් කිහිපදෙනෙක්ගේ රුව සහිත දර්ශන කෘත්‍රිම බුද්ධිය(AI තාක්ෂණය) යොදාගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද වීඩියෝ අන්තර්ජාලයට මුදාහැර ඇති බව ශ්‍රී ලංකා සර්ට් (Sri Lanka CERT) ආයතනයට ලැබුණු පැමිණිලිවල සදහන් වේ.
විශේෂ ගණයේ සිරකරුවකුගේ ගුද මාර්ගයෙන් ස්මාට් වර්ගයේ ජංගම දුරකථනයක්, හැන්ඩ් ප්‍රි එකක් සහ අයිස්මත්කුඩු ගුලියක් මතුවේ.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරොද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් ත්‍රී රොද් රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් ඇතුලු කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට.
මදුරු මර්දනයට විශේෂ දින තුනක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒම විශේෂ දින තුන එනම් ජුනි 08, 09 දා හා 10 යොදාගෙන තිබේ.
අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
පොහොර තත්ත්ව පරික්ෂණ කටයුතු සදහා ප්‍රමාණවත් පහසුකම් සහිත පරික්ෂණාගාර නොමැතිවිම් හේතුවෙන් වාර්තා ලබා ගැනිමේ ප්‍රමාදයක් පවතින බව ගාල්ල දිස්ත්‍රික් සැලසුම් කමිටු රැස්විමේ දි අනාවරණය විය.
නුදුරේම නවීන පහසුකම් වලින් සමන්විත ශල්‍යාගාර 4ක්.