බදුල්ලේ වාරි පද්ධතිය ගොඩනැගීමට සංඝරත්නය එක්වෙති
අයහපත් කාලගුණය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධතිය පිළිසකර කිරීමේ ”දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම” වැඩසටහනට (13) වෙනිදා ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා එක්වූහ.
අයහපත් කාලගුණය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධතිය පිළිසකර කිරීමේ ”දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම” වැඩසටහනට (13) වෙනිදා ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා එක්වූහ.
දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ගඩොල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිළධාරියෙකු පැවසීය.
ලංකාවේ ප්‍රථමවරට සවිකළ උපාංගයක් ස්ථාපිත කරමින් ගෙලෙහි සුෂුම්නාවේ ශල්‍යකර්මයක් සිදුකිරීමට විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ චානක සෝලංගආරච්චි මහතාට හැකිවිය.
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එලවලු කිලෝ ලක්ෂයක ඉල්ලුමක් ලැබී ඇති බවත්, එම ඉල්ලුම අනුව (11) දින එම එලවලු තොග කොළඹට ප්‍රවාහනය කල බව නුවරඑලිය ආර්ථාක මධ්‍යස්ථානයේ කළමණාකාරවරයා පැවසීය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් පැවති දැඩි වර්ෂාව සහිත අයහපත් කාලගුණයෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දිය ඇල්ල අවට ප්‍රදේශය දැඩි හානියට ලක්ව තිබේ.
“දිට්වා” සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගය දින ගණනාවකට පසු (10) දින සැහැල්ලු වාහන පමණක් ධාවනයට විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාවේ ආපදා තත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක් , එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් 12/10 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
නායයෑමට ලක් වූ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු කඩිනම් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුධ හමුදා ඉංජිනේරු බලකාය පියවර ගෙන ඇත.
උදේ ඉඳලම ඩොක් ඩොක් ගාලා සද්දයක් ඇහුණා අපි හිතුවේ ගහක් වැටෙන්න යනව කියලා. ඒත් එක පාරටම ජීවිත රැසක් යට කර ගෙන කන්ද කඩා ගෙන වැටුණා.
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා - - මඩොල්සිම බූටාවත්ත ප්‍රදේශයේ නාය යෑමෙන් දිවි බේරා ගත් එම්.චබ්ද්‍ර කාන්ති -
තබ්බෝව යුද හමුදා කඳවුර, කරුවලගස්වැව ප්‍රාදේශීය සභාව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහයද ඇතිව පෙරේදා (1) සිට මාර්ග සංවර්ධන අධිකාරියේ පාලම් ඒකකය විසින් පාලම කඩිමින් සවිකර ගමනා ගමනයට මෙසේ විවෘතකර ඇත. අදාළ ස්ථානයේ කලින් තිබූ කොන්ක්‍රීට් පාලම ගංවතුරට හසුවීමෙන් කඩා වැටීම නිසා මෙහි ගමනා ගමනය ඇණ හිට තිබුණි.
කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් (01) දින මෙහෙයුමක් දියත් කලහ.
වයඹ පළාතට අයත් පුත්තලම දිස්ත්‍රීක්යේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි මහාවාරි ගොවි ජනපදයක් වන නීලබැම්ම ව්‍යාපාරයට පසුගියදා කලාඔය පිටාර ගැළීමෙන් ඇතිවූ මහා ගංවතුනේ සිදුවූ විනාශයේ තරම කොතෙක්ද යත් මුළු ව්‍යාපාරයේම මෙවර මහ කන්නයේ වගාකර තිබූ කුඹුරු ඇතුළු වගා අක්කර දෙදහසක් පමණ හා නිවාස රැසක් බිමටම සමතලාවී ඇතැයි නීලබැම්ම නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්.එම්.දිසානායක මහතා කලාඔය හරස්කර බැඳි අමුණේ සිට යෝධ ඇළ ඔස්සේ පැය විසිහතර පුරාම වගාබිම් වෙත
පසුගියදා ඇති වූ ඇතිවූ නායාමයෑම නිසා උලපනේ ගඩොල් බෝක්කුව ප්‍රදේශයේ සිදුවූ අනතුරෙන් දිවි අහිමි වූ හා මෙතෙක් සොයා ගැනීමට නොහැකිව අතුරුදහන් වුවත් වෙනුවෙන් සර්ව ආගමික වතාවත් සිදුකිරීම (01) දින එම ස්ථානයේදී පැවැත්වුනා.
’’27දින රාත්‍රිය වනවිට ගංවතුර ඇතිවන බව දැනගත්තා. නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මම හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇතිවෙයි කියල.ඒ නිසා මම හිටියා. මමත් එක්ක බාලසූරිය මාමත් හිටිය .චෛත්‍ය පහළ ඉඳලා වතුර වැඩි වෙනකොට චෛත්‍ය උඩටම ගියා එහි කොටසක ඉන්න පුළුවන් කම තියෙනව.වැස්ස නිසා කුඩත් ඉහළගෙන හිටියා. පස්සෙ හමුදාව බෝටබෝට්ටුවලින් ඇවිත් ඉන්නවත් දැක්ක අපි එයාලට කෑගහුව නමුත් වැඩක් වුනේ නෑ.’’
තලවකැලේ තවලන්තැන්න මාර්ගය නායයයි. කොත්මලේ පාලුවත්ත ප්‍රදේශයේ නිවාස රැසක් නායයැමේ අවධානමක.
ඉගිණියාගල සිට අම්පාර දක්වා ගමන් කරමින් තිබු මොටර් රථයක්පොල්වත්ත හන්දිය පාලම අසලදි සේනානායක සමුද්‍රයෙන් එන ප්‍රධාන වම් ඇලට වැටි පුද්ගලයෙක් මියගොස් තිබේ.
කාසල්රි ජලාශයට පිටාර මට්ටමට ආසන්න වී (27) දින රාත්‍රියේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇත. කාසල්රි ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට (27) දින ඇදහැලුණු අධික වර්ශාතවත් සමග වසර කිහිපයකට පසු එම ජලාශයේ වාන් දොරටුවලින් ජලය කෙසෙල්ගමු ඔයට මුදා හරින ලදී.කාසල්රි ජලාශයේ වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි එම ජලාශභාර ඉංජිනේරුවන් කියා සිටියේ.මේ අතර මාවුස්සා කැලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇත.
මොනරාගල දිස්ත්‍රික්කයට දින කිහිපය තිස්සේ නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් මොනරාගල වැල්ලවාය මාර්ගය කුඹුක්කන ප්‍රදේශයෙන් (27) වෙනිදා දහවල් ජලයෙන් යටවී ඇත.
මේ දින කිහිපය පුරා අඛණ්ඩව ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අද (27) නුවරඑළිය නගර සීමාව බස් නැවතුම්පොළ ඇතුළු සියලුම ප්‍රදේශ මුළුමනින්ම ජලයෙන් යටවී අඩි දෙකේ සිට හතරක පමණ උසකින් ජලය පිරී ඇති ආකාරයක් දක්නට ලැබෙයි.
රිදියගම සෆාරි උද්‍යානයේ ’’ඩෝරා ’’ නැමති සිංහ ධේනුව විසින් බිහිකළ මාස හතරක පමණ වයස සිංහ පැටවුන් සිවු දෙනෙකු අද(26) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා කියා සිටියේය.
කඩුගන්නාව සිට පහළ කඩුගන්නාව දක්වා ඇති අක්කර 400 ක් 500 ක් පමණ වන බැවුමේ ගැලවි ඒමට ඉඩ ඇති පර්වත බොහෝ ඇති බවත් බැවුමේ සෑම අගලක්ම නිරික්ෂනය කර එම පර්වත ස්ථාවර තත්වයකට හෝ ඉවත් කළ හැකි පාෂාන ඉවත් කළ යුතු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යාව පිළිබද සම්මාණිත මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.
දිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක (23) දින පැවැත්විණ.
මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2025/2026) ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකක පමණ කාලයකි.සූර්ය උදාව ඉතා මනස්කාන්ත අයුරින් දර්ශනය වන ලොව පිහිටි සුප්‍රසිද්ධ ස්ථානය ලෙස දෙස් විදෙස් සංචාරකයින් අතර ප්‍රචලිතව ඇත්තේ ශ්‍රී පාදස්ථානයයි.
එම්.අයි.17හෙලිකොප්ටර් යානාවල ලංකාවේ පළමු හා එකම පියාසර ඉංජිනේරුවරිය වීමේ ගෞරවය තමාගේ නාමය ඉදිරියේ ලියා ගැනීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ පදිංචි පූර්ණිමා අනුරංගි සමත්වූවාය.
2025 වසරේ ශ්‍රි ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 11/17 දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රි ලන්කන් ගුවන් යානයේ පැමිණී රෆායෙල් කැරොන් ( Raphael Caron සහ ඔහුගේ බිරිද ක්ලෙයා චාලට් ( Claire Charlet ) මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත වෙත පැමිණීමත් සමග ලක්ෂ 20 කඩඉම පසු කර යාමට සමත් විය .
ජායාරූපය සහ සටහන හැටන් රංජිත් රාජපක්ෂ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව නෝර්වුඩ් ප්‍රදේශයේ වතුකම්කරුවන් (16) දින පස්වරුවේ පොල් ගෙඩි 108ක් පොළවේ ගසා සිය විරෝධය දක්වමින් උද්ගෝෂණයක නිරත විය. උද්ගෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ගෝෂණ සහ වැඩ ව
අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සදහා මීමැසි පාලන වැටක් හදුන්වාදිමට රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨය හා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය එක්ව සිදුකළ පර්යේෂණයකදි සමත්ව ඇත.
ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ඉහළම ජයග්‍රහණය වූ රන් පදක්කමක් සමග ලෝක ශ්‍රේණිගත කිරීම් වල තුන් වන ස්ථානය දිනා ගත් ටාවි සමරවීර 11/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2025 “නව්‍යකරණ තුළ විශ්වසනීය මාධ්‍යකරණයක්” යන සංකල්පය යටතේ නෙළුම් පොකුණ රඟහලේදී පසුගිය 11 වනදා සවස පැවැත්වූ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම විමර්ශනාත්මක මාධ්‍යවේදියාට හිමි මුද්‍රිත මාධ්‍ය සිංහල අංශයේ සම්මානය ’’අද’’ පුවත්පතේ රාහුල් සමන්ත හෙට්ටිආරච්චිට හිමිවිය. මෙම සම්මාන උළෙල සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය හා ජානාමාධ්‍ය අමාත්‍යාංශය විසින් වේ.