නොමේරු දරුවන් පස් දෙනෙක් සිසේරියන් සැත්කම් දෙකකින් බේරා ගනියි
ඊයේ (15දා) සවස එක් මවකට සිසේරියන් සැත්කමක් හදිසියේම සිදු කළ අතර, එම මවට නිවුන් දරුවන් දෙදෙනෙකු හමුවී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සති 30ක් වයසැති දරුවන් බව සඳහන් කළේය. එම සැත්කම සාර්ථකව අවසන් වූ පසු ඉන් පැය දෙකකට පසුව සමන්තුරේ රෝහලේ සිට අම්පාර මහ රෝහලට එවන ලද මවකට හදිසි සිසේරියන් සැත්කමක් සිදු කළ අතර, එම මවට තුන් නිවුන් දරුවන් හමුවී තිබේ. එම දරුවන් සති 29 වයසැති දරුවන් වූ බවද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා පැවසීය.