Uncategorized

මැතිවරණය සාමකාමීයි

මැතිවරණය ආරම්භ වී ගත වූ පැය පහක කාලය තුළදී මැතිවරණය සාමකාමී බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වීමට නියමිතය. හැකිතාක් වේලාසන ඡන්ද මධ්‍යස්ථාන වෙතට ගොස් සිය ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි.

Uncategorized

ජනපති වියට්නාම ජනපති හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong)මහතා විසින් උණුසුම් අයුරින් අද (05) පිළිගනු ලැබීය.

Uncategorized

ගල්කිස්සේදී වෙඩි තබා ඇත්තේ පවිත්‍රතා සේවකයෙකුටයි

අද 05 උදෑසන 6.30 ට පමණ ගල්කිස්ස සිල්වෙස්ටර් පාර මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මී.මී. 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩිතබා ඝාතනය කරනු ලැබ ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

Uncategorized

ආරුක්කු නමය පාලමේ ජල කාන්දුවක්

උඩරට දුම්රිය මාර්ගයේ විශ්මිත නිර්මාණයක් වන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනූ පුරාවිද්‍යා ස්මාරකයක් වන ඇල්ල ආරුක්කු නමය පාලමේ ජලකාන්දුවක් සිදුවෙමින් පවතී.

Uncategorized

ඉහළ ආරක්ෂාවක් යටතේ ලොකු පැටී අරගෙන යයි

දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා 05/04 දින උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ .

Uncategorized

තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි

වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට එරෙහිව ශ්‍රී ලංකාවට බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ආනයනය කළ , ශ්‍රි ලංකාවේ පරිසර පද්ධතියට බලපෑම් කළ හැකි ජලජ ජීවීන් පිරිසක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු සමග 05/01 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී ශ්‍රි ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත ලද බුද්ධි තොරතුරක් මත ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත් අඩංගුවට ගෙන තිබේ .

Uncategorized

පොන්නන් සංගර් නාට්‍ය දැක්මට ගිය පියා අඩි 60ක උසකින් වැටී ජීවිතක්ෂයට

හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක් වීමට (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍ය යේ ප්‍රධාන භූමිකාව රග දැක්වූ තිදරු පියෙකු එම කණුවේ මුදුනේ සිට බිමට ඇද වැටී ජීවිතක්ෂයට පත් වී ඇති බව නානුඔය පොලිසිය පැවසීය.

Uncategorized

මාධ්‍යවේදී රාහුල් සමන්තට ඉන්දියාවේ යුගල් කිෂෝර් ශුක්ලා ජ්‍යාත්‍යන්තර සම්මානය

දකුණු ආසියාවේ මාධ්‍යවේදීන් සඳහා ඔවුන් විසින් සිදුකෙරෙන සුවිශේෂී මාධ්‍යමෙහෙවරට ෙගෞරව කිරීමක් ලෙස මෙම ජ්‍යාත්‍යන්තර සම්මානය ලබාදෙනු ලබයි, එමෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්වෙදියෙකු හට මෙම ජ්‍යාත්‍යන්තර සම්මානය හිමිවූ ප්‍රථම අවස්ථාවද මෙය විය.

Uncategorized

ලොව දෙවැනි කොටි ගණත්වයක් ඇති වනෝද්‍යානය කුමන?

ලොව ඇති වනෝද්‍යාන අතරින්, ශ්‍රී ලංකාවෙි නැගෙනහිර වෙරළට මායිම්ව ඇති කුමන ජාතික වනෝද්‍යනය, ලොව දෙවැනියට වැඩිම කොටියන්ගේ ගහන ඝනත්වයක් ඇති වනෝද්‍යානය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ වනජිවි පර්යේෂකයන් පිරිසක් විසින් සිදුකල පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබෙි.

Uncategorized

සිගිරි අභයභුමිය වනසන්න ශක්තිය බලය දුන්නේ කවුද

ලෝක උරුම සීගිරිය අභයභූමියේ සීගිරි පව්ව පෙනෙන මානයේ මහා පරිමාණ බොරළු පස් කැපීමේ සිද්ධියක් ක්‍රියාත්මක වන බවත් එය මැඩලීමට හෝ වළකාලීමට කිසිදු අයෙකු ඉදිරිපත් නොවන්නේ කුමන බලයක් නිසාදැයි සීගිරිය සුරැකීමේ සංවිධානය ප්‍රශ්න කර සිටි.

Uncategorized

සිරි දළඳා දැක්මට දැන් සිටම පෝලිම්

වසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.

Uncategorized

2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.

Uncategorized

මන්දකට හසුවූ කඳුකර කොටියෙක් මිය යයි

ලිදුල පොලිස් වසමට අයත් තලවකැලේ මටුකැලේ වතුයායේ තේ වත්තේ දඩයම්කරුවන් අටවා තිබු හොදින් වැඩුනු කදුකර කොටියෙකු වනජීවි නිලධාරීන් විසින් මුදාහැරීමට උත්සාහ කිරීමේදි (14) දින මියගිය බව නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීයෙකු පැවසීය.

Uncategorized

සිරි දළඳා දැක්මට ප්‍ර වේශ මාර්ග තුනක්

මේ මස 18 වැනි දින ආරම්භ වීමට නියමිත සිරි දළදා දැක්ම සඳහා පැමිණෙන බැතිමතුන්ගේ පහසුව සඳහා එහි ප්‍රවේශ මාර්ග තුන සැකසෙන ආකාරය ඇතුළත් දළ සැලැස්මක් ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය මගින් මාධ්‍යයට මුදාහැර තිබේ.

Uncategorized

යාපනය අධි ආරක්ෂිත කලාපයේ වසර 34කට පසුව විවෘත කළ මාර්ගය

යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුද්හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Uncategorized

මොණරාගලිින්ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයාගනී

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්, ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

Uncategorized

කැලිප්සෝ දුම්රිය නානුඔයෙන් මංගල ගමන අරඹයි

දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය (08) දින උදෑසන 8.10 ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කරනු ලැබුවා.

Uncategorized

වැස්ස ඌවේ වී අස්වැන්නට බලපෑම් කරයි

ඌව පළාත ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට යළිත් වැසි ඇද වැටීමට පටන්ගෙන තිබේ.වැසි ඇද වැටීමත් සමගම මේ වන විට දැඩි පීඩාවට පත්ව සිටින්නේ මෙරට ගොවි ජනතාවය.

Uncategorized

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (05) පෙරවරුවේ පැවැත්විණ.

Uncategorized

මෝදි කොළඹ ඉදිද්දී ඉන්දීය යුද නැවකුත් කොළඹ වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS SAHYADRI’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා 2025 අප්‍රේල් මස 04 වැනි දින දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Uncategorized

ඉතිහාසයේ ප්‍රථමවරට ලංකාවේ සැමන් රට යවයි

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ වෙළඳපොළේ අලෙවි කිරීම සඳහා ටින් මාළු අපනයනය කරන අවස්ථාව ඉතිහාස ගතවන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

Uncategorized

මියන්මාරයට ප්‍රභල භූ කම්පන ද්විත්යක් - බැංකොක් නුවර ගොඩනැගිල්ලකුත් කඩා වැටෙයි

රික්ටර් මාපාංකයේ 7.7ක ප්‍රභලත්වයක් සහිත භූ කම්පනයකින් හා රික්ටර් මාපාංකයේ 6.4ක ප්‍රභලත්වයකින් යුත් දෙවැනි භූ කම්පනයද ඇතුළත්ව භූ කම්පන දෙකකින් මියන්මාරය සෙලවි ගියේය.

Uncategorized

දෙහිවලින් ජනතාව හමුවට එන අලුත් අමුත්තෝ

ජාතික සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’’ කැපිටල් සත්වෝද්‍යානයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඉකුත් 26 වනදින මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .

Uncategorized

සමනල වැවේ කයාක් සංචාරක බෝටිටු සේවයක් අරඹයි

බලන්ගොඩ බෙලිහුල්ඔය සංචාරක කලාපයේ කිංචිගුනේ ප්‍රදේශයේ සමනල වැව ආශ්‍රිතව කයාක් සංචාරක බෝටිටු සේවයක් ඊයේ (22 දා) සිට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශිය සංවර්ධන කමිටු සභාපති වසන්පුෂ්පකුමාර මහාතාගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.