පළාත් හයක් (06) සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස වෛද්‍ය සීතා අරඹේපොල, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලලිත් යූ ගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රාජා කොල්ලුරේ, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය විලි ගමගේ, වයඹ ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්.මුසම්මිල් සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ටිකිරි කොබ්බෑකඩුව යන මහත්ම මහත්මීන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දී තිබේ.