‘Rebuilding Sri Lanka’ අරමුදලට Indra Traders ලක්ෂ 1000ක් දෙයි


දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා Indra Traders (Pvt) Ltd විසින් රුපියල් මිලියන 100 මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ඊට අදාළ චෙක්පත Indra Traders (Pvt) Ltdහි නිර්මාතෘ/සභාපති ඉන්ද්‍රා සිල්වා මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිරිනමනු ලැබීය.

Indra Traders (Pvt) Ltdහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන රුශන්ක සිල්වා, හෂින්ද්‍ර සිල්වා, සාමාන්‍යාධිකාරී සචිනි සිල්වා යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles