2025 වසරේ ශ්‍රි ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම 11/17 දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි ශ්‍රි ලන්කන් ගුවන් යානයේ පැමිණී රෆායෙල් කැරොන් ( Raphael Caron සහ ඔහුගේ බිරිද ක්ලෙයා චාලට් ( Claire Charlet ) මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත වෙත පැමිණීමත් සමග ලක්ෂ 20 කඩඉම පසු කර යාමට සමත් විය .
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර ඔවුන් සති දෙකක කාළයක් මෙරට රැදී සිටිමින් , සංචාරයෙහි මෙන්ම සාප්පු සවාරි වල යෙදීමට නියමිතය .
රෆායෙල් කැරොන් මහතා ප්‍රංශයේ මූල්‍ය කළමනාකරුවෙකු ලෙස සේවයේ නිරත වී සිටින්නෙකි. ඔවුන් 11/17 දින පස්වරු 01.30 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පාලන සහ මානව සම්පත් අනූෂා දමයන්ති මහත්මිය ඇතුළු එම කාර්යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .






