ලොව උසම පාලම චීනයේදී විවෘත කරයි, පැය දෙකක ගමන් කාලය විනාඩි දෙකකට අඩුවෙයි


ලොව උසම පාලම නිරිතදිග චීනයේ ගුයිෂෝ පළාතේ අද උදෑසන ගමනාගමනය සඳහා විවෘත කරන ලද චීන මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක ඉදිකිරීම් වලින් පසු ග්‍රෑන්ඩ් කැනියන් හරහා ගමන් කාලය පැය දෙකක සිට මිනිත්තු දෙකකට මේ හරහා අඩුවෙයි.

ගුයිෂෝ හි කඳුකර භූමියේ බෙයිපන් ගඟට ඉහළින් මීටර් 625 ක් උසින් පිහිටි හුවාජියැං ග්‍රෑන්ඩ් කැනියන් පාලම සැන් ෆ්‍රැන්සිස්කෝ හි ගෝල්ඩන් ගේට් පාලම මෙන් නව ගුණයකට ආසන්න උසකින් යුක්ත වේ.

මීටර් 1,420 ක ප්‍රධාන පරතරයක් සහිතව දිගකින් යුත් මෙම පාලම විවෘත කිරීමත් සමග මීට පෙර චීනය විසින් බෙයිපන් ගඟ  හරහාම ඉදිකර තිබූ මීටර් 565.4කින් යුත් එවක ලොව උසම පාලම දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

 



Recommended Articles