කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ ( 04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ගොවින් අසීරුවට පත්ව ඇති බවත් බොහෝ එළවළු වර්ග වල මිල පහත වැටී ඇති බවත් ආර්ථික මධ්‍යස්ථනයෙ වෙලෙදුන් මෙන්ම ගොවින්ද කියා සිටී.
පසුගිය දින කිහිපයේ කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග එතරම් නොලැබුණ අතර එක වරම මෙලෙස විශාල වශයෙන් එළවළු තොග නැවත ලැබීම නිසා මෙම තත්වය උද්ගතව ඇති බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළෙදුන් පවසති. ගොවින් කියා සිටින්නේ ගෝවා , කැරට් වැනි එළවළු විකුණා ගැනීමට පවා නොහැකි තත්වයක් ද ඇතිව තිබේන බවයි.
පිට පළාත් වලින් පැමිණි වෙළදුන් ඔවුන් අපේක්ෂාවෙන් පැමිණි එළවළු තොග මිලදී ගත් පසු මෙලෙස වැඩිපුර ආර්ථික මධ්‍යස්ථානයට ගොවින් ගෙනා එළවළු ඉතිරි වී විකුණා ගැනීමට නොහැකිව ගොවින් අපහසුතාවයට පත්ව සිටියහ.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පැවති 2025.01.05 දින පැවති එළවළු තොග මිල
| 
			 එළවළු වර්ගය  | 
			
			 තොග මිල කිලෝවක රු  | 
			
			 එළවළු වර්ගය  | 
			
			 තොග මිල කිලෝවක රු  | 
		
| 
			 බෝංචි  | 
			
			 200 - 220  | 
			
			 අර්තාපල්  | 
			
			 250 - 280  | 
		
| 
			 ගෝවා  | 
			
			 40 - 50  | 
			
			 නෝකෝල්  | 
			
			 150 - 160  | 
		
| 
			 කැරට්  | 
			
			 120 - 130  | 
			
			 බීට්  | 
			
			 350 - 380  | 
		
| 
			 ලීක්ස්  | 
			
			 170 - 150  | 
			
			 වම්බටු  | 
			
			 315 - 320  | 
		
| 
			 මාළු මිරිස්  | 
			
			 650 - 700  | 
			
			 රාබු  | 
			
			 20 - 30  | 
		
| 
			 තක්කාලි  | 
			
			 300 - 320  | 
			
			 අමු මිරිස්  | 
			
			 600 - 650  | 
		



