ඉහළ ආරක්ෂාවක් යටතේ ලොකු පැටී අරගෙන යයි


දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් " ලොකු පැටී " නැමැත්තා 05/04 දින උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් රැගෙන පැමිණ තිබේ .

මොහු කළක් ශ්‍රි ලංකා යුධ හමුදාවේ 07 වන රෙජිමේන්තුවේ සේවය කළ , අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංච් 36 හැවිරිදි පුද්ගලයෙකි .

මොහු ක්ලබ් වසන්ත ඝාතනය ඇතුලු  මිනීමැරුම් , වෙඩි තැබීම් , බෝම්බ ප්‍රහාර  , මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුලු අපරාධ රාශියක් සම්බන්ධව මෙරට අධිකරණ තුළ චෝදනා ලබා ඇත්තෙකි .

ලොකු පැටී , බෙලාරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් 05/04 දින උදෑසන 07.48 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි .

මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඇතුලු උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ,ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසුව , නුගේගොඩ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි .



Recommended Articles