71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
මෙහිදී ත්‍රිවිධ හමුදා,පොලිස්, සිවිල් ආරක්ෂක බළකා, ජාතික ශිෂ්‍යභට බළකා ආචාර පෙළපාලි හා විවිධ පාර්ශ්වගේ ඉදිරිපත් කිරිම් පැවැත්විණ.
මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, විදෙස් තානාපතිවරු ඇතු`එ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් ඇතු`එ සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


























