පොලිස් දීපාවලී උත්සවය අද (31දා) අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නීතිය සහ සාමය අමාත්‍යාංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා සහ පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගිවී සිටියහ.
හින්දු චාරිත්‍රානුකූලව සිදුවූ මෙම උත්සවය හින්දු සංස්කෘතියට අදාළ නර්තන අංගවලින්ද යුක්ත විය.
මෙම අවස්ථාවට හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා














