නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවන ලද යත්‍රා 09 ක් නයිජීරියානු රජය වෙත අලෙවි කර තිබේ. එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යාත්‍රා විදේශ රටකට අලෙවි කළ පළමු අවස්ථාවද මෙය බව නාවික හමුදාව කියයි.
කුඩා යාත්‍රා 06 ක් හා වෙරළාරක්ෂක යාත්‍රා තුනක් නයිජීරියාවට අලෙවි කර ඇති අතර, එයින් ලැබූ ආදායම රුපියල් මිලියන 617.4 ක් බව නාවික හමුදාව කියයි. වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටා ඇති වෙරළ මුර යාත්‍රා තැනීමේ ව්‍යාපෘති වැඩපොළෙහි මෙම යාත්‍රා නිෂ්පාදනය කර තිබේ.
යාත්‍රා අලෙවි කිරීමෙන් ලැබූ ආදායම වැඩපොළෙහි සංවර්ධන කටයුතු විධිමත් කිරීමට යොදාගැනීමට නියමිතය.
නයිජිරියානු මහ කොමසාරිස් එස්.යූ. අහමඩ් මහතාට සංකේතාත්මකව එම යාත්‍රා බාරදුන් අතර, එම අවස්ථාවට රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, රියර් අද්මිරාල් නිලන්ත ප්‍රේමසිරි යන අයද එක්වූහ.

