(UPDATE) 17.55 PM
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විසින් සංවිධානය කළ පාගමට පාර්ලිමේන්තු වටරවුමේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදි මෙම ප්‍රහාරය පොලිසිය විසින් එල්ල කර තිබේ.
ඡායාරූප ළහිරු හර්ෂණ
13.35 PM
මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැලණිය විශ්ව විද්‍යාලයෙන් පාගමනක් ආරම්භ කර තිබේ. ඔවුහු කොළඹ කොටුව හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණෙමින් සිටිති.
පාගමන හේතුවෙන් කොළඹ - නුවර මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. ඒ හේතුවෙන් මාර්ගයේ දැඩි වාහන තදබදයක්ද ඇතිව තිබේ.



















