දකුණු අප්‍රිකාවට ලකුණු 62 ක ජයක්


සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර නවසීලන්තයේ හැමිල්ටන්හිදී අද (15දා) පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

දකුණු‍ අප්‍රිකානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 340 ක ඉලක්කයට පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 48.2 අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 277 ක් පමණි.

හැමිල්ටන් මසකඩ්සා (80) හා චාමු චිබාබා (64) අර්ධ ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබුවත් එය ජයග්‍රහණයක් දක්වා රැගෙන යාමට සෙසු පිතිකරුවන්ට නොහැකි විය. සිම්බාබ්වේ පිතිකරුවෝ මෙල්ලකළ ඉම්රාන් තහීර් ලකුණු 36කට කඩුලු 03ක් දවාළූ අතර, ඔහුට අනගි සහායක් ලබාදුන් වර්නන් ෆිලැන්ඩර් හා මෝනේ මෝකල් කඩුලු දෙක බැගින් දවාළූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 339/4 ක් රැස්කිරීමට සමත්විය.

ඔවුන්ගේ පළමු කඩුලු හතර ලකුණු 83 ක් ඇතුලත බිඳවැටී තිබියදී එක්වූ ඩේවිඩ් මිලර් හා ජේ.පී. දුමිනි පස්වැනි කඩුල්ලට ලකුණු 256ක නොබිඳුණු සබඳතාවක් ගොඩනගා දකුණු අප්‍රිකානු ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියහ. පන්දු 178කදී ගොඩනැගුණු එම සබඳතාව ලෝක ක්‍රිකට් පිටියේ පස්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සබඳතාව විය.

මෙහිදී දුමිනි ලකුණු 115 ක් රැස්කළ අතර, මිලර් පන්දු 92කදී ලකුණු ලකුණු 138 රැස්කිරීමට සමත්විය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.

දකුණු අප්‍රිකාව 339/4 (පන්දුවාර 50)

ඩේවිඩ් මිලර් නොදැවී 138 (පන්දු 138, 4x7, 6x9)

ජේ.පී. දුමිනි නොදැවී 115 (පන්දු 100, 4x9, 6x3)

ඒ.බී. ඩිවිලියස් 25 (පන්දු 36, 4x1, 6x1)

සිම්බාබ්වේ පන්දු යැවීම

ටෆාඩ්ස්වා කොමුන්ගෝසි 1/34 (පන්දුවාර 8)

ටෙන්ඩායි චාටරා 1/71 (පන්දුවාර 10)

 

සිම්බාබ්වේ 277/10 (පන්දුවාර 48.2)

හැමිල්ටන් මසකඩ්සා 80 (පන්දු 74, 4x8, 6x2)

චාමු චිබාබා 64 (පන්දු 82, 4x10)

බ්‍රෙන්ඩන් ටේලර් 40 (පන්දු 40, 4x4, 6x1)

දකුණු අප්‍රිකාව පන්දු යැවීම

ඉම්රාන් තාහිර් 3/36 (පන්දුවාර 10)

වර්නන් ෆිලැන්ඩර් 2/30 (පන්දුවාර 8)

මෝනේ මෝකල් 2/49 (පන්දුවාර 8.2)

 



Recommended Articles