දේශීය ලොකු ලූණු අස්වනු නෙලීමට ආසන්නව තිබියදී විදේශ රටවලින් අඩු මුදලට ගෙන්වූ ලොකු ලූණු තොග රට පුරා ගබඩා කොට දේශීය ලොකු ලූණු ගොවියාට මිලක් අහිමි කිරීමේ ක්‍රියාවලියක් රට තුළ ක්‍රියාත්මක වන බව දේශීය ලොකු ලුණු ගොවීහු චෝදනා කරති.
ලොකු ලූණු වගාවෙන් ගොවීන් සුගිය කාලයේ ඉවත්ව සිටියේ නිසි මිලක් නොමැති නිසාවෙනි , පසුව කෘෂිකර්ම අමාත්‍යාංශය මැදිහත්වී පසුගිය කන්නේ සහ මෙම කන්නයේ ගෙන් ගෙට ගොස් වගාව අතහැර දැමූ ගොවීන් දැනුවත් කරමින් නැවත වගාව ආරම්භ කරන ලෙස දැනුම් දීමත් සමඟ මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් හෙට්ටයාර දෙදහසක් පමණ ගොවීන් ලොකු ලුණු වගාකොට තිබේ
තවත් දින දහයක් පහළොවක් පමණ ගතවෙද්දී දේශීය ලොකු ලුණු අස්වැන්න ලැබීමට නියමිත බව ගොවීන් පෙන්වා දෙති, එහෙත් මේ වන විට දේශීය වෙළඳපොලේ පාකිස්තානයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූණු කිලෝවක් රුපියල් 80 සිට 100 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවි වීම නිසා තම නිෂ්පාදනවලට මිලක් අහිමිවීමේ අවදානමක් පවතින බව දේශීය ලොකුළුණු ගොවීහු පෙන්වා දෙති.
ලුණු ගෙන්වන ව ්‍යාපාරිකයන් ඉතා සූක්ෂම ලෙස විශාල වශයෙන් ලොකු ලූනු ගෙන්වා දඹුල්ල ගලේවෙල කැකිරාව ආදී ප්‍රදේශවල ගබඩා තනාගෙන ගබඩා කොට තිබෙන බවත් තවත් කණ්ඩායම් ශීත කන්ටේනර් මතය ගබඩාකොට තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති
සෑම වසරකම දේශීය ලොකු ලූණු අස්වනු නෙලීම ආරම්භ වීමත් සමඟින් රජය විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූණු සඳහා බද්දක් පැනවීම සිදුකරනු ලබන බවත් එම වැඩි කරන බදු මුදලේ වාසිය ලබා ගැනීම සඳහා මෙම ව්‍යාපාරිකයන් කූඨ උපක්‍රමයක් ලෙස විදෙස් ලොකු ලුණු ගබඩා කර ඇති බව ඔවුහු පවසති
ගලේවෙල දේවහුව ප්‍රදේශයේ ගොවීන් දේශීය ලොකු ලූණු වගාවට සිදුව ඇති මහා විනාසයට රජය වගකිවයුතු බව චෝදනා කරන්නට වූහ, මෙම රජය පත්කිරීම සඳහා විශාල කැපකිරීමක් කළ බවත් එසේ සිදු කළේ දේවහුව ප්‍රදේශයේම උපන් ජනාධීපතිවරයාට උදව් කිරීමටත් එමෙන්ම නාමල් කරුණාරත්න මහත්වරු පසුගිය කාලයේ තම ගොවි බිම් වලට පැමිණ තමන්ගේ ප්‍රශ්න ගැටලුවලට උත්තර සෙවීම සඳහා සටන් කළ බවය එහෙත් මේ තත්ත්වය බලයට පත්වීමත් සමඟ වෙනස් වී ඇතැයි ඔවුහු දැඩි ලෙස චෝදනා කරන්නට විය
දේශීය ලොකු ලූණු කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් සියයකට අධික මුදලක් වියදම් වන බවත් අඩුම තරමේ ලොකු ලුණු කිලෝවක ගැනුම් මිල රුපියල් 150කට ඉක්මවා තිබිය යුතුයි බවද ඔවුහු පෙන්වා දෙති.
එහෙත් මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලුණු නිසාවෙන් දේශීය ලොකු ලුණු ගොවියාට ඉදිරියේ දී වගාවෙන් ඉවත්වීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති
දේවහුව ව්‍යාපාරයේ ගොවීන් දැඩි ලෙස මෙම රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම ද සිදු කරන්නට විය , ඔවුන්ගේ එකම චෝදනාව බවට පත් වූයේ ගොවියා නඟා සිටීම සඳහා බව පවසමින් බලයට පත් වූ මෙම රජයට තමන්ද රැවටී උදව් කළ බවය. කෙසේ වෙතත් අවසානයේදී සිදුවූයේ පැවති රජයන්වලටත් වඩා අන්ත ආකාරයට ගොවියාට හානිදායක සිදුවීම් බවද එම ගොවීන් දැඩි ලෙස චෝදනා කරන්නට විය
විදේශ රටවලින් ලොකු ලූනු ගෙන්වා තිබෙන ගබඩා පරික්ෂා කිරීමට යන අවස්ථාවේදී කන්ටේනර් පිටින් ලොකු ලූණු පකිස්ථානයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වා ගබඩා කරන අයුරු අපට දැක ගැනීමට හැකි විය
එම ගබඩාකරුවන් සහ ගෙන්වන්නන් සඳහන් කළේ මේ වන විට රුපියල් 80ත් 100 ත් අතර ඕනෑ තරම් ලොකු ලූණු තිබෙන බවය , කෙසේ වෙතත් බද්ද පනවන බවට බලාපොරොත්තු ඇතිව ව්‍යාපාරිකයන් රැසක් ලුණු සමග ඔට්ටු අල්ලා තිබෙන බවද ඔවුන්ගේ මතය බවට පත්විය
කෙසේ වෙතත් ඉදිරියේදී දේශීය ලොකු ලූණු අස්වනු වෙළඳපළට පැමිණෙද්දී බදු මුදල් පනවීම ලාපොරොත්තුවෙන් සිටින බව ලොකු ලූණු ගෙන්වන ව්‍යාපාරිකයෝද පෙන්වා දෙති. පාකිස්ථානයේ සිට ලංකාවට සියලු ම වියදම් හැර රුපියල් හැටකට පමණ මුදලකට ලොකු ලුණු කිලෝවක් ගෙන්වා තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් පැවසීය.
රටේ ජනතාවට වාර්ෂිකව රිභෝජනය සඳහා අවශ්‍ය ලොකුළුණු ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් මේ වන විට ලංකාවට ලොකුළු වුණු ගෙන්වා තිබෙන බවද දේශීය ලොකු ලුණු ගොවීන් චෝදනා කිරීම විශේෂත්වයකි . ඔවුන්ගේ මතය බවට පත්ව ඇත්තේ රටේ නිෂ්පාදනය අවශ්‍ය ඉතිරි ප්‍රමාණය පමණක් ලංකාවට ගෙන්වීම සඳහා අවසර ලබා දුන්නේ නම් මෙවැනි තත්ත්වයක් උදා නොවන බවද ඔවුහු පවසති.