කණ්ඩලමේ හැඩකාරයා නමින් හදුන්වන වන අලියාට මුලින්ම පිහිට වූ තරුණයාගේ පළමු අස්වැන්න නෙලීමට දින කිහිපයක් තිබූ තක්කාලි වගා බිම 30 දින රාත්‍රියේ වන අලින් රංචුවක් විසින් සම්පූර්ණයෙන් විනාශ කර දමා තිබේ.
කණ්ඩලම කුරාගල ප්‍රදේශයේ තරුණයෙකු වන සනත් ජානක බණ්ඩාර මහතා පූර්ණ කාලීනව එළවළු වගාව සිදු කරන තරුණයෙකි. යකුරාගල ප්‍රදේශයේ ඉතා සාර්ථකව අස්වැන්න නෙළීමට තිබූ තක්කාලි වගා භූමියකට පැමිණි වන අලි තිදෙනෙකුට අස්වනු නෙළීමට තිබූ තක්කාලි බිම ඊට එළා තිබූ බට සියල්ල විනාශ කර දමා තිබේ.
දීනපතාම රාත්‍රියේ ගසක් උඩ පැලක් තනාගෙන තම වගා භූමිය ආරක්ෂා කරමින් සිටින බවත් මෙදින තමන්ගේ දරුවා පාසල් අධ්‍යාපන චාරිකාවක ගොස් ඔහු රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ දී වන අලින් වගා භූමියට කඩා වැදී ඇතැයි ජානක බණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙම තක්කාලි වගාව ඇතුළු වූ වන අලින් එහි එළා තිබූ බට වලට දැඩි හානි සිදුකොට තිබේ. වන අලින්ගේ පාදවලට පෑගුණු තක්කාලි ගෙඩි සහ ගස් සම්පූර්ණයෙන්ම විනාශ වීමද දැක ගැනීමට හැකි විය.
මෙම තරුණ ගොවි මහතා සඳහන් කළේ තමන් අලින්ගෙන් වගාව ආරක්ෂා කිරීමට විදුලි බුබුළු දල්වා රැය පහන් වන තුරුම පිරිත් හඩ දමා ඇති බවත් වන අලින් මේ ආකාරයෙන් බව භෝග විනාශ කළද රජයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බවයි.
අඩුම තරමේ ඔවුන්ට වන්දි මුදලක් හෝ ලබාදිය යුතු බව ඔහු පෙන්වා දෙයි .
කෙසේ වෙතත් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වීම නිසා තමන්ට ඉදිරියේ දී ගොවිතැන් කිරීමට පවා නොහැකිවූ ද ඇතැයි සඳහන් කර සිටී.
බණ්ඩාර මහතා කණ්ඩලම වැවේ වෙඩි වැදී පාදයක අනතුරකට ලක්ව සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා මුලින්ම දැක ගම්මුන් පිරිසක් සමග ආහාර ලබාදීම සිදුකරනු ලැබුවේද ඔහු විසින් වීම විශේෂත්වයකි
පළමු ආහාර තොගය ට්‍රැක්ටර් රථයකින් රැගෙන යන අවස්ථාවේදී ගම්මුන් මෙම තරුණයාගේ තක්කාලි වගාව තිබෙන බවත් මේවා ආහාරයට ගෙන සුවපත් වී තක්කාලි වගාවට පැමිණෙන ලෙසට විහිළු තහළු කිරීම විශේෂත්වයකි
ඒ ආකාරයෙන්ම වෙනත් අලි රංචුව මෙම විපත සිදු කළේ දැයි ඔහු දැඩි සිත් වේදනාවෙන් පසු වෙයි. කෙසේ වෙතත් යකුරාගල ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ සවස හය පසුවීමත් සමඟ වන අලින් ගම් වැදීම සිදුවන බවය.
කණ්ඩලම වැව ආසන්නයේ ඇති රක්ෂිත සියල්ල හෙළි පෙහෙළි කොට හෝටල් ඉදිකිරීම නිසා වන අලින්ගේ වාසභූමි අහිමිවීම ප්‍රශ්නයට උග්‍ර වීමට හේතුවක් බවය.
කෙසේ වෙතත් මෙම ගම්මානයේ ජනතාව සඳහන් කරන්නේ වන අලින්ගේ ජීවිත ආරක්ෂා කරමින් මීට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසය. මිනිසුන්ට ගේ වන අලියාත් ගම්මුන් අතරින් සටනක් ආරම්භ වී ඇති බව පවසන අතර වන අලින් ඝාතනය නොකොට ඔවුන්ට ආදරය කරමින් ඔවුන්ගේ භූමිවලට පලවා හරින්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.