අම්බෙඩ්කාර්ට තිසරණය දුන් පඤ්ඤානන්ද නාහිමි අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සමග


ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ ලක්නව් නුවර වැඩ විසූ වයෝවෘද්ධ සහ ජ්‍යෙෂ්ඨතම ධර්මදූත භික්ෂූන් වහන්සේ නමක් වන අති පූජ්‍ය ගලගෙදර පඤ්ඤානන්ද නාහිමියෝ පසුගියදා අපවත් වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් ගෞරවය දෙසැම්බර් 17 වැනි ඉරිදා ඉන්දීය රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රාවස්තිනුවර ජේතවනාරාමය අබියසදී සිදුකිරිමට නියමිතව බව ඉන්දීය මහා බෝධි සමාගම පවසයි.

51818687.cms

1956 වසරේ ඔක්තෝබර් 14 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමගින් පැමිණ නාග්පූර්හිදී ථේරවාදී බුදුදහම වැළැඳ ගත් ඉන්දියාවේ යුග පුරුෂයෙක් බවට පත් වූ බාබාසහේබ් අම්බෙඩ්කාර් තුමන් පංචශීලයේ පිහිටවූ භික්ෂූන් වහන්සේලා අතර සිටි මෙතෙක් ජීවතුන් අතර සිටි එකම භික්ෂූන්වහන්සේ අති පූජ්‍ය ගලගෙදර පඤ්ඤානන්ද නාහිමියන්ය.

90 හැවිරිදි වියේ පසුවූ පඤ්ඤානන්ද හිමිපාණෝ සිය අවසන් දින කිහිපයේදී රෝගාතුරව රෝහල්ගතව සිටියහ. පෙනහලුවල ඇති වූ ආසාදන තත්ත්වයක් උන්වහන්සේගේ අභාවයට හේතු වූ බව පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ ප්‍රතිකාර ලැබූ කින්ග් ජෝර්ජ්'ස් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සඳහන් කරයි.

61873671

ඉන්දීය මධ්‍යම රජය සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ අනුග්‍රහයෙන් පඤ්ඤානන්ද නාහිමියන්ගේ ආදාහන කටයුතු සිදුකිරීම සැලසුම් වී තිබේ. අභාවය සැලසුණු මොහොතේ සිටම උන්වහන්සේගේ ශ්‍රී දේහය වෙත ගෞරව දැක්වීම සඳහා ඉන්දියාවේ උප ජනාධිපති වෙන්කයියා නායිදු, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ මහ ඇමති යෝගී ආදිත්‍යනාත් සහ උප මහ ඇමති කේශව් ප්‍රසාද් මෞර්යා මෙන්ම ආණ්ඩුකාර ශ්‍රී රාම් නායක් යන මහත්වරුන් පැමිණ සිටියහ. 

එමෙන්ම, පඤ්ඤානන්ද නාහිමියන් වෙතින් වසර 15කට පමණ පෙර සිට බුදු දහමේ ආභාසය ලැබූ උත්තර් ප්‍රදේශ් හිටපු මහ ඇමතිනී මායාවතී මහත්මිය සිය අනුගාමිකයන් පිරිසක් සමග පැමිණ නාහිමි දේශයට පූජෝපහාර දක්වා තිබූ බවද මහා බෝධි සමාගම පවසයි.

mayawati-bha

ඉන් නොනැවතී, ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර, මධ්‍යම, උත්තර් සහ කර්ණාටක ප්‍රාන්තවල ගිහි පැවිදි බෞද්ධ නායකයන්, දේශපාලඥයන් සහ පඤ්ඤානන්ද නාහිමියන් වෙතින් බුදු දහම වැළඳගත් දහස් සංඛ්‍යාත පිරිසක් දෙනා මේ වනවිට ලක්නව් නුවරට පැමිණ නාහිමි ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වා ඇත. ඉදිරි දින කිහිපය තුළ එම ප්‍රාන්තවල බෞද්ධ, අබෞද්ධ ජනතාව දහස් ගණනින් ලක්නව් නුවරට පැමිණෙතැයි අපේක්ෂා කරන බවද මහා බෝධි සමාගම පවසයි.

දෙසැම්බර් 15 වැනිදා දක්වා නාහිමියන්ගේ ශ්‍රී දේහය ලක්නව් නුවර බුද්ධ විහාරයේ තැන්පත් කිරීමටත්, අනතුරුව එය ශ්‍රාවස්ති නුවරට වැඩම කිරීමටත් අවමංගල්‍ය උත්සවයේ සංවිධාකයන් කටයුතු යොදා ඇත. 17 වැනිදා ජේතවනාරාමය අභියසදී නාහිමියනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව ඉන්දීය මහා බෝධි සමාගමේ මහලේකම් පැලවත්තේ සීවලී හිමියෝ පවසා සිටියහ. එම ආදාහන පූජෝත්සවය සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, බුරුමය, තායිලන්තය සහ භූතානය යන රටවලින් ගිහි පැවිදි බෞද්ධ නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වීමට නියමිත අතර, ඉන්දියාවේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට බුදු දහම වැළඳ ගැනීමට මාර්ගෝපදේශය සැපයූ නාහිමියන්ගේ ආදාහන කටයුතුවලදී එහි සංවිධාන කටයුතු ආරක්ෂාව සහ පහසුකම් සැපයීම උත්තර් ප්‍රදේශ් පොලීසිය විසින් භාරගෙන තිබේ.

භීම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර්

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ඔහු ය. බාබාසහේබ් යන ජනප්‍රිය නාමයෙන් හැඳිනගත් ඔහු භීම්රාඕ රාම්ජි අම්බෙඩ්කාර් නම් විය. බුදුරජාණන් වහන්සේ උපත ලැබූ දේශය තුළ යළිත් වරක් බුදුදහම සඳහා පුනර්ජීවයක් ලබාදීමට මූලික වූ අම්බෙඩ්කාර් තුමන්ගේ 125 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය වසරේ ය.

94-babasaheb-ambedkar_big al123-1 babasaheb and buddhism lead_essay_2_20160418

1891 අප්‍රේල් 14 වැනිදා කුලහීන දාලිත් පවුලක උපන් අම්බෙඩ්කාර් තුමන් හින්දු කුල ක්‍රමයට එරෙහිව නැගී සිටි යුග පුරුෂයෙක් වූයේ දාලිත්වරු සහ කුලහීන ඉන්දීයානුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ථේරවාදී බුදුදහම වැළඳගැනීම වෙනුවෙන් වේදිකාව තනා දෙමිනි.

ඉන්දීය රාජ්‍ය ලාංඡනය වෙනුවෙන් සාරානාථයේ සිංහ හිසත්, එරට ජාතික කොඩිය සඳහා ධර්ම චක්‍රයත් යෙදීමට අවස්ථාව උදාවූයේ අම්බෙඩ්කාර් තුමන්ගේ උත්සාහය නිසාය. අදද ඉන්දියානු සමාජය තුළ අම්බෙඩ්කාර් තුමන් පිළිබඳ මහත් වූ ගෞරවාදරයක් පවතින අතර, එතුමන්ගේ යුග මෙහෙවර ඇගයීමට ලක්වෙයි. 

dc37478440871e98c7c29df5861cfbd1_715__2



Recommended Articles