සංචාරක ක්ෂේත්‍රය මුහුණදී ඇති තත්ත්වය අධ්‍යයනයට කමිටුවක්


පාස්කු ඉරු දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක කර්මාන්තය මුහුණදී ඇති තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කිරීමට යයි.

ඒ අනුව, මේ පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ තවත් අදාළ අමාත්‍යවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.



Recommended Articles