සංචාරක කර්මාන්ත වර්ධනයට ඩිජිටල් සංචාරක විසඳුම් ගෙනේ


 

2025 වසර අවසන් වනවිට සංචාරකයන් මිලියන 3කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගනිමින් ඇ.ඩො.බිලියන 5ක ආදායමක් උපයා ගැනීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇත. ඒ සඳහා දියුණු ප්‍රවාහන පද්ධතියක අවශ්‍යතාව ඉතා වැදගත් වේ. ගුවන් ප්‍රවාහන කර්මාන්තය සඳහා වන තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් විසඳුම් සැපයීමේ ප්‍රමුඛ ගෝලීය සැපයුම්කරුවකු වන SITA පෙන්වා දෙන්නේ මෙරට ගුවන් සේවා සහ සංචාරක කර්මාන්තයේ වර්ධනය උදෙසා පරිවර්තනීය කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාව දියුණු තාක්ෂණයට හැකි වන බවයි.

2024 වසරේදී ශ්‍රී ලංකාවට මගීන් මිලියන 8.88ක් පැමිණ ඇති අතර එය 17.6%ක වාර්ෂික වර්ධනයක් විය. 2025 වසරේ පළමු භාගයේදී මිලියන 4.9ක සංචාරක පැමිණීමක් වාර්තා කරනු ලැබුවේ පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 16%ක වර්ධනයක් සනිටුහන් කරමිනි. 2024 වසරේදී ගුවන් යානා ගමනාගමනය 20%කින් ඉහළ යන ලදී. මේ අතර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල පුලුල් කිරීමේ හා නවකරණය කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබීමද විශේෂත්වයකි. මෙම වර්ධනයන් තුලින් පෙන්වා දෙනු ලබන්නේ ඩිජිටල් විසඳුම් හරහා සේවා සපයන බාධාවකින් තොර, කාර්යක්ෂම හා ආරක්ෂිත මගී ගමන් සඳහා ආයෝජනය කිරීමේ කඩිනම් අවශ්‍යතාවයයි.

ගෝලීය වශයෙන් 2024 වසරේදී ගුවන් සේවා කර්මාන්තයේ ඉහළම මට්ටමක් වාර්තා කරන ලදී. එහිදී ඇස්තමේන්තුගත පරිපූර්ණ තොරතුරු තාක්ෂණ වියදම් ඇමරිකානු ඩොලර් බිලියන 37ක් දක්වා ඉහළ යනු ලැබුවේ 2019 වසරේ සිට සැලකීමේදී ඉහළම අගය වාර්තා කරමිනි. මෙම ආයෝජනයෙන් වැඩි ප්‍රමාණයක් මෙහෙයුම් ශක්තිමත් කිරීම හා මගී පහසුකම් ඉහළ නැංවීම සඳහා වන cloud migration, AI සහ සයිබර් ආරක්ෂාව වෙනුවෙන් යොදා ගනු ලබයි. මෙහිදී ලොව පුරා ගුවන් සමාගම් දත්ත වේදිකා 90%ක අනුපාතයකින් භාවිත කිරීමට කටයුතු කර ඇත්තේ වඩා විචක්ෂණශීලී ඒකාබද්ධ පද්ධති නිර්මාණය සඳහා වන කැපවීම ප්‍රදර්ශනය කරමිනි.

SITA විසින් සිදුකරනු ලැබූ මෑත කාලීන කර්මාන්ත සමීක්ෂණයන්ට අනුව හෙලි වී ඇත්තේ generative AI, computer vision සහ large language models ඇතුලු දත්ත මත පදනම් වූ ඉහළ තාක්ෂණයන් අරමුණු කර ගනිමින් ආයෝජනයන්ගෙන් 50%ක් පමණ සිදු කර ඇති බවයි. සයිබර් ආරක්ෂාවේ සිට පාරිභෝගික සේවාව දක්වා මෙහෙයුම් විධිමත් කිරීමට සමත්ව ඇති මෙම විසඳුම් ගුවන් ගමන් වැඩිදියුණු කිරීම තුලින් තිරසාර ගුවන් සේවාවක් පවත්වාගෙන යාමට හේතු වී ඇත.

2024 වසරේදී ගෝලීය මගී ගමනාගනය වාර්තාගත බිලියන 5.3ක් දක්වා ඉහළ යාමත් සමඟ ගුවන් සේවාවන්ට අදාල baggage system අභියෝගයට ලක්වීම මෙහිදී මුහුණ දුන් සුවිශේෂී තත්වයකි. එහෙත් මගීන් විසින් සිදු කරන වැරදි හැසිරවීම් 8.7%කින් ඉහළ යාම හේතුවෙන් මගීන් 1000කට බෑග් 6.3ක් දක්වා පහත වැටිණි. එය 2007 වසරේ සිට සැලකීමේදී 67%ක පහත වැටීමක් බව දැකිය හැකිය. මෙම වැරදි ලෙස හසුරුවනු ලබන ගමන් මලු හේතුවෙන් ගුවන් සමාගම්වලට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් වැය කිරීමටද සිදුව තිබේ.

මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දී ඇති SITA ස්වයංක්‍රීයකරණය හා ඒ මොහොතේ පවතින දත්ත යොදා ගනිමින් මෙය යථා තත්වයට පත් කළ හැකි බව සිය Baggage IT Insights Report තුලින් පෙන්වා දී ඇත. ස්වයං සේවා ගමන් මලු පහත වැටීම, ඉලෙක්ට්‍රොනික් ටැග්, IoT සහ GPS-enabled tracking යන සේවාවන් හේතුවෙන් යථා තත්යට පත් වෙමින් ඇති අතර අද වන විට මගීන්ගෙන් 42%ක් පමණ real-time GPS-enabled tracking baggage tracking තුලින් ප්‍රතිලාභ ලබා ගැනීමට සමත්ව සිටියි. එම තත්වය 2027 වසර වන විට 82%ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින සංචාරක ව්‍යාපාරය දැනට පවතින ක්‍රමවේදයන්ට අභියෝගයක් වනු ඇති බැවින් කාර්යක්ෂමතාව හා සංචාරක විශ්වාසය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මෙම නවෝත්පාදනයන් යොදා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය තුලින් ආර්ථික වර්ධනයක් සිදු වුවද දේශසීමා ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ලොව පුරා රටවල් විසින් සිය ආගමන, රේගු. ආරක්ෂණ සහ මහජන සෞඛ්‍යයට අදාල අවදානම් කළමනාකරණය කිරීම සඳහා digital border management විසඳුම් අනුගමනය කරමින් සිටින්නේ එහෙයිනි. ගුවන් සමාගම් සමඟ වන තත් කාලීන අන්තර්ක්‍රියාකාරී දත්ත හුවමාරුව සක්‍රීය කිරීමට හේතු වන SITA විසින් හඳුන්වා දී ඇති Advance Passenger Processing (APP) විසඳුම සංචාරකයින් ගුවන් යානයට ගොඩවීමට පෙර ඔවුන් පරීක්ෂා කිරීමේ අවස්ථාව බලධාරීන් වෙත පහසුවෙන් උදා කර දීම විශේෂත්වයකි. මේ හේතුවෙන් ඉහළ අවදානමක් සහිත පුදුගලයින් ගුවන් යානය තුළ ගමන් කිරීම වළක්වන අතරම නීත්‍යානුකූලව පැමිණෙන මගීන්ට පහසු හා කඩිනම් ගුවන් සේවා අත්දැකීමක් සලසා ගැනීමට හැකියාව උදා වේ. මේ වන විටත් දෝහා සහ ඩුබායි වැනි ප්‍රධාන ගුවන් තොටුපොල ඇතුළු රටවල් 70කට අධික සංඛ්‍යාවක ස්ථාපිත කර ඇති මෙම APP විසඳුම් තුලින් ශ්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂාව හා විධිමත් කිරීම සඳහා සුවිසල් කාර්ය භාරයක් ඉටු කර හැකි වේ.

මෙහි තවත් ප්‍රමුඛ සාධකයක් වන්නේ ICAO හි Digital Travel Credential (DTC) ය. මේ තුලින් ජෛවමිතික සත්‍යාපනයන් සහ ඩිජිටල් විදේශ ගමන් බලපත්‍ර සකීය කිරීම හරහා දෝෂ අවම කිරීමටත්, ආරක්ෂාව ඉහළ නැංවීමටත් මෙන්ම මගී ප්‍රමාණය වර්ධනය කර ගැනීමටත් රජයට හැකියාව උදා වේ.

කඩිනම් සංචාරක වර්ධනයක් අරමුණු කරගත් රටක් වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දක්වනු ලබන්නේ ඩිජිටල් අනන්‍යතාව හා දේශ සීමා නවෝත්පාදනයයි. බණ්ඩාරනායක ජාතන්තර ගුවන් තොටුපොල නව්‍යකරණය වෙමින් පවතින මේ මොහොතේ මෙරට ගුවන් සේවාවේ නියුතු කොටස්කරුවන් වෙනුවෙන් සිය සහයෝගය ලබා දීමට SITA කටයුතු කරමින් සිටියි. එහිදී ඔවුන් විසින් පහත සේවාවන් ලබා දීමට නියමිතය.

● පැමිණෙන මගීන් කළමනාකරණය - ස්පර්ශයකින් තොර ස්වයං සේවා විසඳුම් සමඟින් පරීක්ෂා කිරීම, ගොඩබෑම හා ගමන් මලු හැසිරවීම විධිමත් කිරීම

● දත්ත හා ඒකාබද්ධ කිරීම - ගුවන් මෙහෙයුම් විධිමත් කිරීම, ගුවන් ගමන් සේවා වැඩි දියුණු කිරීම හා සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා පුරෝතකනය කරන ලද විශ්ලේෂණයන් දිරි ගැන්වීමග

● ගමන් මලු කළමනාකරණය - වැරදි ලෙස හැසිරවීම හා ඒ හේතුවෙන් සිදුවන පිරිවැය අවම කිරීම සඳහා තත් කාලීන සොයා බැලීම් හා ස්යංක්‍රීයකරණ සේවාව

● දේශ සීමා ආරක්ෂාව හා පහසුකම් සැපයීම - සංචාරකයින්ගේ පහසුව සමඟින් ආරක්ෂාව සමානව

ලබා දීම සඳහා APP සහ ඩිජිටල් සේවාවන් ක්‍රියාත්මක කිරීම

● තිරසාර විසඳුම් - ගුවන් ගමන් විධිමත් කිරීම, SAF යොදා ගැනීම සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා වන මෙවලම් තුලින් ගුවන් සමාගම්වලට උපකාර කිරීම

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ආදායම් ඉහළ නංවා ගැනීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ඉහත විසඳුම් තුලින් වත්මන් සංචාරක අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා ශක්තිමත් ගුවන් සේවා පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත.

2037 වසර වන විට ගෝලීය ගුවන් ගමනාගමනය භාවිත කරන මගීන් ප්‍රමාණය බිලියන 8ක් දක්වා ඉහළ යනු ඇතැයි දැනට පුරෝකතනය කර ඇත. එබැවින් ශ්‍රී ලංකාව කලාපීය ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් ලෙස දියුණු තත්වයක පවතින බව සහතික කිරීම සඳහා උසස් තත්වයේ ඩිජිටල් සංචාරක විසඳුම් යොදා ගැනීම සිදු කළ යුතුව ඇත. ගමන් මලු, ආරක්ෂාව සහ පැමිණෙන මගීන් සඳහා නවෝත්පාදන සේවාවන් ලබා දීම තුලින් සෑම ගුවන් ගමනකදීම ආරක්ෂාව හා බාධාවකින් තොර සේවාවක් සලසන බව සහතික කළ හැකිය. ඒ තුලින් ලොව ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්වය තව දුරටත් ආරක්ෂා කර ගැනීමට හැකියාව උදා වනු නිසැකය.



Recommended Articles