පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට ගෞරව දැක්වීම සඳහා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් පසුගියදා කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත ගොස් තිබේ.
එහිදී දේවස්ථානයේ පියතුමන් හමුවී සාකච්ඡා කර ඇති එම පිරිස, මියගිය අය සිහිකර පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදුකර ඇත.
මෙම දේවස්ථානය නැවත ගොඩනැගීම ශ්‍රී ලාංකේය ජනතාවගේ අභියෝග ජයගැනීමට ඇති හැකියාව සහ ශක්තිය පිළිබඳ සාක්ෂියක් වන බව එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.




