DFCC බැංකුවේ ප්‍රමුඛතම ආයතනික ඩිජිටල් බැංකුකරණ විසඳුම වන DFCC iConnect 2.0, මේ වන විටත් ශ්‍රී ලාංකාවේ ව්‍යාපාර ආයතන, සිය මූල්‍ය මෙහෙයුම් කළමනාකරණය කරන ආකාරය පරිවර්තනීය වෙනසකට ලක් කිරීමට සමත්වී ඇත.
මෙම බැංකුකරණ විසඳුම දියත්කිරීමේ සිට මේ දක්වා, බැංකුකරණ කටයුතු සහ වෙළඳාම සරල කිරීමෙහිලා DFCC බැංකුවේ පුරෝගාමී භූමිකාව තහවුරු කර ඇත. DFCC iConnect හරහා සමාගම්වලට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට, ආරක්ෂිතව, එක් ඩිජිටල් බැංකුකරණ විසඳුමක් හරහා වෙළඳාම, ගෙවීම් සහ සැපයුම් දාම කළමනාකරණය කිරීමට අවස්ථාව සලසා දෙයි.
DFCC iConnect 2.0, සාමාන්‍ය ඩිජිටල් බැංකුකරණයට වඩා ඔබ්බට යමින් මුදල් කළමනාකරණය, වෙළෙඳ විසඳුම් ලබාදීම, සැපයුම්දාම මූල්‍යකරණය, සහ API ඒකාබද්ධ කිරීම් (API integrations) වැනි බැංකුකරණ සේවා රැසක් එකම වේදීකාවක් හරහා සිදුකරලීමට ඉඩ ප්‍රස්තාව සලසයි. කඩිනම් සම්බන්ධතාවය, දිවයිනේ ඕනෑම තැනක සිට බැංකු කටයුතු සිදුකරගැනීමේ පහසුව, සහ ස්වයංක්‍රීය ගිණුම් සසඳා බැලීම් සමඟ, ව්‍යාපාරවලට ඔවුන්ගේ මුදල් ප්‍රවාහයන් (cash flow) වැඩි දියුණු කිරීමට, සැපයුම්කරුවන් හා සබඳතා ශක්තිමත් කරගැනීමට, සහ බාධාවකින් තොරව මෙහෙයුම් කටයුතු විධිමත්ම පවත්වාගෙන යාමට අවස්ථාව ලබාදේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යේෂ්ඨ උප සභාපති සහ ආයතනික බැංකුකරණ ප්‍රධානී සොහන්ත විජේසිංහ මහතා පැවසුවේ, "DFCC හි iConnect 2.0, අපගේ සේවාදායකයන් හා සමගාමීව යමින් වර්ධනය වන ඩිජිටල් බැංකුකරණ විසඳුමක් පිළිබඳ අපගේ පවත්නා පුළුල් දැක්ම නියෝජනය කරයි. එහි පවත්නා සුවීශේෂී වූ ගෙවීම් සහ මුදල් කළමනාකරණයේ සිට වෙළඳ මූල්‍යකරණය සහ සැපයුම්දාම මූල්‍යකරණය දක්වා මෙන්ම API ඒකාබද්ධ කිරීම් දක්වා වන සෑම අංගයක්ම, ව්‍යාපාර කටයුතුවල කාර්යක්ෂමබව, නම්‍යශීලීභාවය සහ මෙහෙයුම් ක්‍රියාවලියේ පහසුව ලබාදීම සඳහා නිර්මාණය කර ඇති අතර ශ්‍රී ලාංකේය ව්‍යාපාර සවිබල ගන්වන්නට ඉහතදී දැක්වූ සුවිශේෂී අංග ඇතුළත් විසඳුමක් සැපයීමට ලැබීම පිළිබඳව, අපි ආඩම්බර වෙනවා.” යනුවෙනි.
DFCC iConnect 2.0 යනු තාක්ෂණික වැඩිදියුණු කිරීමකට වඩා වැඩි දෙයකි. එය උසස් සහ නවීනතම ඩිජිටල් හැකියාවන් සහ මානව-ප්‍රමුඛ සේවා ආචාරධර්මයන් සමඟ සම්ම්‍රිශණය කරමින් DFCC බැංකුව ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සිය සේවාදායකයින්ට උසස් සේවාවක් ලබාදිමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයකි. තවද ඒ හරහා, මෙම පුළුල් ඩිජිටල් පරිවර්තන ගමනේදී ශ්‍රී ලාංකේය ව්‍යවසායන් සවිබල ගැන්වීමට DFCC බැංකුව දක්වන කැපවීම අවධාරණය කරයි.