මානව සම්පත් සංවර්ධනය තුළින් සියැට් කැලණි ද්විත්ව ජයක් ලබයි!


ශ්‍රී ලංකාව සඳහා වූ 2025 ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනයේ සම්මාන ප්‍රදානෝත්සවයේදී 2025 වසරේ ‘ශ්‍රී ලංකාවේ සේවායෝජක සන්නාමය’ ලෙස සියැට් කැලණි හෝල්ඩිංග්ස් සම්මානයට පාත්‍ර වී තිබේ.

පසුගිය දා කොළඹ දී පැවති මෙම උළෙලේදී එහි උප සභාපති මානව සම්පත් තුෂාර හෙට්ටිතන්ත්‍රීගේ මහතා ශ්‍රීලංකාවේ විශිෂ්ටතම මානව සම්පත් නායකයකත්වයට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබීය.

සන්නාම උපායමාර්ගය, සේවක වටිනාකම්, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් ක්‍රියාපටිපාටි, විවිධත්වය හා අන්තර්ගත කිරීම, සේවායෝජක කීර්තිය, නවෝත්පාදනය, නිර්මාණශීලීත්වය සහ ප්‍රතිඵල යනාදිය ශ්‍රී ලංකාව සඳහා වූ සම්මානවල ඇගයීම් ක්‍රියාවලිය පදනම් වූ නිර්ණායක විය.

සැබෑ ලෙස ම සතුටින් සිටින ශ්‍රම බලකායක් පෝෂණය කිරීම මෙන්ම, පොදු වටිනාකම් මත ගොඩනැඟුන සංස්කෘතියක් පවත්වා ගැනීම වෙනුවෙන් තම ව්‍යාපාර හා මානව සම්පත් උපායමාර්ග පෙළගැස්වීම උදෙසා වන සමාගමේ කැපවීම, මෙම නව සම්මානවලින් මනාව තහවුරු කරයි. දශක දෙකක සේවා කාලයක් කැපකළ සේවකයන් 150කටත් අධික සංඛ්‍යාවක් ඇතුළුව 1,000කට අධික සේවක සංඛ්‍යාවක් සිටින සියැට් කැලණි සමාගම මගින් දැනටමත් සමාගමේ සේවක සහභාගීත්වය, රඳවා ගැනීම හා සමස්ත සේවා ස්ථානවල යහපැවැත්ම සම්බන්ධයෙන් නිරතුරුව ම ඉහළ කාර්ය සාධනයක් අත්කර ගෙන ඇත.

විනිවිද පෙනෙන කාර්යසාධන කළමනාකරණ පද්ධති, කුසලතා සංවර්ධනය සඳහා වන මුලපිරීම්, අනුප්‍රාප්ති සැලසුම්කරණය, වෘත්තීය කළමනාකරණ වැඩසටහන් සහ එහි වෘත්තීය සමිතිය සමඟ ඇති යහපත් සම්බන්ධතාවය, සියැට් හි සේවක වටිනාකම් සඳහා අත්‍යවශ්‍ය බව සමාගම පවසයි.

“අපි සේවකයින්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සෙත සැලසෙන පරිදි යම් වැඩසටහන් දියත් කරන්නේ රැකියාව හා පුද්ගලික ජීවිතය අතර සමතුලිතතාවය සහ සේවක සුබසාධනය සඳහා සමාගම ප්‍රමුඛත්වය දෙන නිසයි. තවද අභ්‍යන්තර බඳවා ගැනීම්, රැකියාවලින් ඉහළ තෘප්තියක් ළඟාකර ගැනීම, රැකියා මාරුවීම් සහ වෘත්තීය සැලසුම්කරණය අවධාරණය වන අයුරින් මානව සම්පත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන අතර වෘත්තීය සුදුසුකම් අත්කර ගැනීම සඳහා විශේෂ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා.” යනුවෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යෂක රවී ඩඩ්ලානි මහතා පැවසීය. “අපගේ ශක්තිමත් ඇගයීම් හා දීමනා ප්‍රතිපත්තිය හරහා නවෝත්පාදනය තුළින් සමාගමට සුවිශේෂී වටිනාකමක් ලබාදෙන සේවක මහත්ම මහත්මීන් ද ඉහළින් ඇගයීමට ලක් කරනවා.”



Recommended Articles