අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සමග එක්ව, ශ්‍රී ලංකාවේ නිර්මාණශීලී රෙදිපිළි අංශය ජාත්‍යන්තර වෙළෙඳපොළවලට සම්බන්ධ කිරීම අරමුණු කරගත් වැඩමුළුවක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේදී සාර්ථකව සංවිධානය කෙරිණි.
මෙම වැඩමුළුව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රජයේ සංස්ථා සහ ආයතන සඳහා දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළවල් සම්බන්ධයෙන් දැනුවත්භාවය ඇති කිරීම සහ වෙළදපල ප්‍රවේශය පහසු කිරීම අරමුණු කර ගනු ලැබීය.
බුද්ධි බතික් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී දර්ෂි කිරිතිසේන මහත්මිය "නවීන විලාසිතා වෙළඳපොළ සඳහා බතික් නිශ්පාදන ඉදිරිපත් කිරීම" සම්බන්ධයෙන් සහ තම ව්‍යාපාරයේ ගමන්මග පිළිබද අත්දැකීම් හුවමාරු කරමින් සම්ප්‍රදායික බතික් කලාවන් ගෝලීය පාරිභෝගිකයින් සඳහා යොමුකළ හැකි ආකාරය වැඩමුළුවේදී පෙන්වා දුන්නාය.
කැලණිය විශ්ව විද්‍යාලයේ අලෙවි කළමණාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. නිලන්ත රෝෂන් පෙරේරා මහතා "ගෝලීය රෙදිපිළි සන්නාමයක් සංවර්ධනය කිරීම" සම්බන්ධයෙන් දැනුවත් කිරිමක් සිදුකලේය. එහිදී ජාත්‍යන්තර තරගකාරී රෙදිපිළි සන්නාම ගොඩනැගීමේදී සන්නාමකරණ උපායමාර්ග, වෙළෙඳපොළ ස්තාන ගත කිරීම හා සන්නාමය නිර්මාණයය කිරීමේ පසුබිම් කතාව ඉදිරිපත් කිරීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා දෙන ලදි.
ලූම් ඇන්ඩ් බීන් (පුද්) සමාගමේ (ApiHappi) සම නිර්මාතෘ ඉටෝෂ ලංකාතිලක මහතා සහ අපර්ණා සමරකෝන් මහත්මිය ඔවුන්ගේ "අපනයන වෙළෙඳපොළට ප්‍රවේශවීමේ ගමන් මග" ඉදිරිපත් කළ අතර ජාත්‍යන්තර වෙළඳපොළවල සම්ප්‍රදායික නිෂ්පාදනවලට ඇති විභවයන් ඉස්මතු කළහ.
මොරටුව විශ්ව විද්‍යාලයේ රෙදිපිළි සහ ඇගළුම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුෂාරි වන්නිආරච්චි මහත්මිය "විලාසිතා නිර්මාණ ආයතන රජයේ රෙදිපිළි මධ්‍යස්ථාන සමග සහයෝගීතාවය ඇති කර ගන්නා ආකාරය" සම්බන්ධයෙන් දැනුවත් කළ අතර ශාස්ත්‍රීය ප්‍රවීණත්වය මූලික නිෂ්පාදන හැකියාවන් සමග සම්බන්ධ කිරීමේ වැදගත්කම ද අවධාරණය කළාය.
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ (SLITA) ප්‍රධාන තාක්ෂණවේදී සරත් විජයබාහු මහතා "කුසලතා සංවර්ධනය, නිෂ්පාදන සංවර්ධනය සහ සහතික කිරීම සම්බන්ධයෙන් තම භූමිකාව" විස්තර කළේය.
මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන සුභද්‍රා වල්පොල මහත්මිය, ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තරංග නලීන් ගම්ලත් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහත්මිය, කාර්මික නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂ මනෝජා දිසානායක මහත්මිය, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂවරුන්, රෙදිපිළි මධ්‍යස්ථාන භාරකරුවන් පේෂකර්ම දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගී වූහ.