ගෙවුණු දිනවල ඉහළ පහළ ගිය රුපියලේ අද තත්ත්වය


එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (11දා) දිනයේ යළිත් සුළු අවප්‍රමාණය වීමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු.327.67ක් ලෙසත්, එහි විකිණුම් මිල රු.337.82ක් ලෙසත් අද දිනයේ වාර්තා වී ඇත.

පසුගිය සිකුරාදා (05දා) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු.332.27ක් ලෙසත්, සඳුදා (08දා) රු.331.22ක් ලෙසත්, අඟහරුවාදා රු.332.38ක් ලෙසත්, ඊයේ (10දා) 324.66ක් ලෙසත් වාර්තා විය.

එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල පසුගිය සිකුරාදා (05දා) රු.342.00ක් ලෙසත්, සඳුදා (08දා) රු.341.04ක් ලෙසත්, අඟහරුවාදා (09දා) රු.342.08ක් ලෙසත්, ඊයේ (10දා) රු.335.39ක් ලෙසත් වාර්තා විය.



Recommended Articles