ඔස්ට්‍රේලියානු රජය විසින් සංක්‍රමණ ශ්‍රේණිගත කිරීම් අතර පළමු මට්ටමේ රටවල් අතරට ශ්‍රී ලංකාව උසස් කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.
මෙය ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට සහ පදිංචි වීමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකේය සිසුන්ට සුබ ආරංචියක් මෙන්ම ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කරගැනීමට සුවිශේෂී කඩඉමක් විවරකර දීමකි. මෙම උසස් කිරීම තුළින් ඔස්ට්‍රේලියානු වීසා අනුමැතිය හිමි වීමේ අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙන අතරම, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ අයදුම්කරුවන් පිළිබඳ විශ්වාසය තවදුරටත් වර්ධනය වීමක් ද මේ තුළින් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පළමු පෙළ ශ්‍රේණිගත කිරීම් යටතේ වර්ගීකරණය කරන ලද රටවල වීසා අයදුම්කරුවන්ට වඩාත් පහසු සහ වැඩි සහායක් ලැබෙන අයදුම් ක්‍රියාවලියක් අත්විඳීමේ අවස්ථාව හිමි වන අතර, සිසුන්ට මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතා අවම ලියකියවිලි ප්‍රමාණයකි. මූල්‍ය හා අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අමතර සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමද අවශ්‍ය නොවේ. මේ නිසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය අවම වෙහෙසකින් ඉටු කරගැනීමට අවස්ථාව ලැබේ.
පළමු පෙළ රටවල අයදුම්කරුවන්ට අනුකූලතා අවදානම් ඉදිරිපත් කිරීමේ සීමාවන් ද ලිහිල් කර ඇති නිසා වීසා අනුමත වීමේ වැඩි ඉඩක්ද ඇත. ඊට අමතරව, අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලිය ද වඩාත් කාර්යක්ෂම වීම හේතුවෙන් ඉතා අඩු කාලයකින් සිසුන්ට වීසා අනුමැතිය ලබා ගැනීමේ අවස්ථාවද උදාවේ. ක්ෂණික ශිෂ්‍ය වීසා ප්‍රතිලාභවලට අමතරව, පළමු පෙළ රටක් ලෙස විශ්වාසය තහවුරු වීම නිසා උපාධිධාරීන්ගේ ස්ථිර පදිංචිය සඳහා වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය ද වඩාත් ධනාත්මක මට්ටමකට පැමිණ ඇත.
මෙම සුවිශේෂී වෙනස ශ්‍රී ලාංකේය සිසුන් ගෝලීය අධ්‍යාපන වෙළෙඳපොළ තුළ වඩාත් තරඟකාරී ලෙස ස්ථානගත කරන්නට දායක වන අතරම, ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන පදිංචිය සඳහා විකල්ප මාර්ගද විවර කර දෙන බව විදෙස් අධ්‍යාපන අවස්ථා සඳහා විශ්වසනීය හවුල්කරුවෙකු වන Sirus Migration and Education ආයතනය පවසයි. ඒ අනුව, පළමු පෙළ ශ්‍රේණිගත කිරීම් යටතේ ඔබේ වීසා අයදුම්පතට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා සඳහා ඇති සුදුසුකම් පරික්ෂා කිරීම සහ ඒ පිළිබඳ වැඩි විස්තර www.sirusmigration.com.au වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසයි.