2018 මැයි 11 දක්වා රුපියල සියයට 3.2න් අවප්‍රමාණයවේ


2018 මැයි මස 11 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇ.ඩොලරයට සාපේක්ෂව 3.2%කින් අවප්‍රමාණය වී තිබේ.

තවද, අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකා රුපියල, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ඉන්දියානු රුපියල හැර වෙනත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපෙක්ෂවද අවප්‍රමාණය වී තිබේ.

ශ්‍රී ලංකා රුපියලෙහි මෙම අවප්‍රමාණය මගින් යම්තාක් දුරකට ජාත්‍යන්තර වශයෙන් ඇ.ඩොලරයෙහි ශක්තිමත් වීමද පිළිබිඹු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Recommended Articles