12 වැනි අපනයනකරුවන්ගේ සංසදය EDB විසින් පවත්වයි


ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සංවිධානය කළ 12 වැනි අපනයනකරුවන්ගේ සංසදය ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි මහතාගේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායිකා ඉන්දිරා මල්වත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

අදාළ සැසිවාරයට සමගාමීව රාජ්‍ය අංශයේ ආයතන සමග අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළෙඳ ගැටලුවලට විසඳුම් ලබාගැන්ම සඳහා මෙම සැසිය පවත්වන ලද බව එම මණ්ඩලය පවසයි.

රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශය නියෝජනය කළ නියෝජිතයන් රැසක්ද මෙම සමුළුවට සහභාගි වී ඇති අතර අපනයනකරුවන්ගේ ගැටලු 22ක් සඳහා විසඳුම් ලබාදීමට එහිදී සාකච්ජා කර තිබේ. මීළඟ අපනයනකරුවන්ගේ සංසද හමුව ජනවාරි මාසයේදී පැවැත්වෙනු ඇති බවද ඔවුහු වැඩිදුරටත් පවසති.

DSC_2197 DSC_2108 DSC_2157 DSC_2179 DSC_2190



Recommended Articles