ශ්‍රී ලාංකේය ව්‍යාපාර ලෝකය විවර කළ ඇඟලුම්


ශ්‍රී ලංකාවේ ඇගලුම් අපනයනකරුවන් මෙරට ව්‍යාපාරවලට ලෝකය ජයගත හැකි බව ඔප්පු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් අභියෝග ජය ගනිමින් ඔවුන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙනුවෙන් ප්‍රශ්ස්ථ මෙහෙවරක් ඉටු කරමින් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයකරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමට පසුගිය 28දා එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ මෙම සංගමය ඇඟලුම් අපනයනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයනය කරා ගෙනඒමේ කාර්යය කෙරෙහි බෙහෙවින් කැපවීම මගින් මෙරට ඇඟලුම් කර්මාන්තය තුළ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබන බවයි.

1_Mangala2



Recommended Articles