විද්‍යුත් මෝටර් රථ ව්‍යාපෘතිය ගැන අමුණුගම සමඟ සාකච්ඡා


මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යුත් මෝටර් රථ ව්‍යාපෘතිය පිළිබඳව (Electric car project) විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සමග පවත්වා තිබේ.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශ කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට මෙම ව්‍යාපෘතියේ උපදේශකයන් ලෙස ක්‍රියා කරන මොරටු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කාථිකාචාර්ය ආචාර්ය හිමාන් පුංචිහෝවා, ව්‍යාපෘති සම්බන්ධීකාරක ආචාර්ය ජනක ගමගේ, පීඨ උපදේශක සසිරංග ද සිල්වා සහ එම ව්‍යාපෘතියට සම්බන්ධ ඉංජිනේරු සිසුන් වන ශෙහාර පෙරේරා, සමිත් හෙට්ටිආරච්චි, බුද්ධික කසුන්, සංජය මල්ලිකාරච්චි, නිමන්ත ප්‍රියමාල් සහභාගී වී ඇත.

1_Electric



Recommended Articles