මුදල් විශුද්ධිකරණ සමුළුව ජූලි 17දා කොළඹදී


මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායමේ 20 වැනි වාර්ෂික සමුළුව, සාමාජික රටවල් 41ක් සහ විවිධ අන්තර්ජාතික නිරීක්ෂණ සංවිධාන රැසක නියෝජනය සහිතව ජූලි 17 සිට 21 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.

දේශීය සහ විදේශීය ආරාධිතයන් 450කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතය.



Recommended Articles