කෘෂි ව්‍යාපාර සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්


දේශීය කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීමේ අරමුණින් රජය හා පෞද්ගලික අංශ අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04දා) ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුවිය.

වර්තමානය වනවිට මෙම ජාතික කෘෂි ව්‍යාපාර සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ දිස්ත‍්‍රික්ක 12ක පමණ ක්‍රියාත්මක වන අතර, මේ සඳහා මූල්‍යාධාර පහසුකම් සපයන්නේ කෘෂිකර්ම සංවර්ධන ජාත්‍යන්තර අරමුදල (IFAD) විසිනි. මෙම ව්‍යාපෘතිය මේ වනවිට යාපනය, කිලිනොච්චිය, බදුල්ල ආදී වූ දිස්ත්‍රික්කවල සාර්ථකව ක‍්‍රියාත්මක වන බවත්, මෙමගින් අදාළ ප්‍රදේශවල තෝරාගත් ගොවින් 500කට අධික පිරිසකට සෙත සැලසෙන අතර, ඔවුන්ගේ කෘෂි ව්‍යාපාරය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වන සුළු වාරිමාර්ග, කෘෂි ලිං හා  කෘෂි උපකරණ ආදිය මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍යාධාර ලබාදෙනු ඇති බවද පැවසෙයි.



Recommended Articles