ගෘහ කාණ්ඩ සියයට 90ක ආහාර සුරක්ෂිතයිලු


ශ්‍රී ලංකාවේ මුළු ගෘහ කාණ්ඩ අතරින් ආහාර සුරක්‍ෂිත වු ගෘහ කාණ්ඩ ප්‍රතිශතය 90% ක් තරම් ඉහළ අගයක් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා පවසයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගෘහ කාණ්ඩවල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ සමීක්‍ෂණය ප්‍රථම වතාවට 2013/14  යන වසරවලදී සිදුකළ අතර, මුළු දිවයිනම නියෝජනය වන පරිදි නිවාස ඒකක 25,000 ක නියැදියක් මේ සඳහා භාවිත කර තිබේ.

කාර්යක්‍ෂම හා නීරෝගි ජීවිතයක් සඳහා රටක සියලු වැසියන්ට සෑම අවස්ථාවකදීම ප්‍රමාණවත් ලෙස ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට ඇති හැකියාව ආහාර සුරක්‍ෂිතතාව ලෙස සළකයි.



Recommended Articles