අන්තර්ජාල ආරක්ෂාවට චීන - ශී‍්‍ර ලංකා ගිවිසුමක්


ශ‍්‍රී ලංකාව සහ චීනය අතර අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳව නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේදී පසුගියදා සිදුවිය.

අන්තර්ජාල ආරක්‍ෂාව සම්බන්ධයෙන් දෙරට අන්‍යෝන්‍ය විශ්වාසයකින් හා සහයෝගයෙන් කටයුතු කිරීම, අන්තර්ජාල නව දැනුම මෙන්ම අත්දැකීම් දෙරට අතර හුවමාරු කරගැනීම හා එල්ල විය හැකි හදිසි සයිබර් ප‍්‍රහාරයන් පිළිබඳව දැනුම්වත් වීම අන්තර්ජල ආරක්‍ෂාව පිළිබඳ විශේෂඥ දැනුම සහිත පිරිස් දෙරට අතර හුවමාරු කරගැනීමට මෙම ගිවිසුම තුළින් අවස්ථාව සැලසෙන බව කියයි.

චීන පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් හුවාං චෙන් කිං සහ ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්‍ෂ නීති උපදේශක ජයන්ත ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ සභාපති අර්ල් ප‍්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්ව තිබුණි.

 



Recommended Articles