බෝයාව අක්‍රියවීමේ පාඩුව ජනතාවගෙන් අයකරගන්නේ නැහැ - අනුර ප්‍රියදර්ශන


බෝයාව අක්‍රීයවීම තුළ වරාය මත නවතා තැබීමට සිදුවූ තෙල් නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවන බවත්, එම මුදල කිසිවිටෙකත් ජනතාවගෙන් අයකර නොගන්නා බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ඊයේ (15දා) මාධ්‍ය‘වේදීන් සමග බෝයාව නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.තුළ නැව් ආපසු හරවා යැව්වේ නම් දැඩි අලාභයක් සිදුවන බවත්, ඉදිරියේදී රට තුළ තෙල් හිඟයක් ඇතිවීමට ඉඩතිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, එසේ නොකර නැව්වලට ප්‍රමාද ගාස්තු ගෙවීම තුළ එතරම් දැඩි හානියක් සිදුනොවන බවද පවසා සිටියේය.



Recommended Articles