ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමේදී මෑතකාලීනව වඩාත් ප්‍රචලිත ක්‍රියාකාරකමක් බවට CSR හෙවත් සමාජය හා පරිසරය  වෙනුවෙන් පවතින වගකීම් හඳුනාගෙන ඒ උදෙසා ක්‍රියාත්මක වීම හඳුනාගත හැකිය. මේ ඒ පිළිබඳව SBS Consultants හි නිර්මාතෘ සුරන්ත සිල්වා විසින් ගෙන එන විග්‍රහයකි.


Corporate Social Responsibility - CSR හා ආයතනයකට එහි ඇති වැදගත්කම

මෑත කාලයේ මිනිස් ජීවන රටාවල ඇති වූ සැලකිය යුතු වෙනසේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රබල පාරිසරික අසමතුලිතතාවන් ඇතිවෙමින් පවතී. එහි ඉතා භයානක තත්ත්ව වනුයේ අධික ලෙස ඉහළ යන ගෝලීය උණුසුමයි. 
විද්‍යාඥයන් අනාවැකි පළකරන ආකාරයට මෙසේ ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් වසර 2050 වනවිට මානව සංහතිය සම්පූර්ණයෙන්ම මිහිපිටින් තුරන් වීමේ වැඩි අවකාශයක් තිබේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිසරයේ මනා පැවැත්ම ආරක්ෂා කිරීමටත්, ඉපදීමට සිටින අනාගත පරම්පරාවට මනා ලෙස ජීවත්විය හැකි ලෝකයක් දායාද කිරීමටත් ලොව තුළ මේ වනවිට ප්‍රබල කතිකාවක් ඇතිවෙමින් පවතී. විශේෂයෙන්ම යුරෝපයේ හා ඇමෙරිකාවේ වෙසෙන ජනතාව මෙම මතය ප්‍රබලව දරන අතර ලෝකයේ අනෙකුත් රටවලත් මෙම මතය දැඩිව ව්‍යාප්ත වෙමින් පවතී.

ආයතනයක් තම ආයතනික හා ව්‍යාපාර අරමුණු ඉතා සාර්ථක ලෙස ඉටුකර ගැනීමට වෙනස් වන පාරිභෝගික හැසිරීම් %Consumer Behavior^ වෙත ප්‍රබල අවධානයක් යොමු කළ යුතුවේ. නැතහොත් විශේෂයෙන් ව්‍යාපාරයකට තම ව්‍යාපාර අරමුණු ඉටුකර ගැනීමට අසීරු වේ.

මෑත කාලයේ පාරිභෝගික හැසිරීම්වල (Consumer Behavior) ඇති වූ මෙම සැලකිය යුතු වෙනස වටහාගත් ලෝකයේ ව්‍යාපාර සමාජීය හා පාරිසරික ගැටලු නිරාකරණය කිරීම සඳහා ප්‍රබල ලෙස දායක වේ. ඒ සඳහා එම ආයතන Corporate Social Responsibility – CSR යන තේමාව යටතේ ඉතා ඵලදායී වැඩසටහන් දියත් කරමින් පවතී.

පෙර සඳහන් කළ පරිදි Corporate Social Responsibility – CSR ආයතනයක සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් සාධකයක් වේ. මක්නිසාදයත් The 2015 Cone Communications / Ebiunity Global CSR Study මගින් සිදුකළ සමීක්ෂණයට අනුව ලෝකයේ පාරිභෝගිකයන් 91%ක් සමාජීය හා පාරිසරික ගැටලු සඳහා අවධානයක් යොමුකරන ආයතන කෙරෙහි දැඩි පක්ෂපාතීත්වයක් දරයි. 
මෙම සමීක්ෂණය මගින් තවදුරටත් සඳහන් කරනුයේ ලෝකයේ පාරිභෝගිකයන්ගෙන් 84%ක් Responsible Products මිලට ගැනීමට දැඩි කැමැත්තක් දක්වන බවයි.
මේ අනුව බලනකල ලෝකයේ පාරිභෝගිකයන් මෙසේ පාරිසරික හා සමාජීය ගැටලුවලට ප්‍රමුඛතාවක් දක්වන්නා වූ ආයතන කෙරෙහි දැඩි පක්ෂපාතීත්වයක් දක්වන අතර, එම ආයතනවලින් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි.

ආයතනයක් Corporate Social Responsibility – CSR වෙත වැඩි අවධානයක් යොමුකොට ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් එම ආයතනයට පහත සඳහන් ප්‍රතිලාභ ළඟා කරගත හැකිය.

Improved Public Image

මෑත කාලයේ පාරිභෝගිකයන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමේදී එම ආයතනයේ Public Image එක වෙත වැඩි අවධානයක් යොමු කරයි. උදාහරණයක් ලෙස ආයතනයක් තම CSR වැඩසටහන් මගින් ව්‍යාපාරයේ Public Image එක ශක්තිමත් කරන්නේ නම් එම ආයතනයෙන් භාණ්ඩ හා සේවා මිලට ගැනීමට පාරිභෝගිකයන් දැඩි කැමැත්තක් දක්වයි. 
මෙය තවදුරටත් ගෙනහැර දක්වන්නේ නම් ආයතනයක සේවකයන් සතියකට වැඩිපුර පැයක කාලයක් Charity වැඩසටහන් සඳහා තම කාලය යොදවන්නේ නම් එම වෙළෙඳ නාමයට ඉතා ශක්තිමත් Public Image එකක් ගොඩනගාගත හැකිවේ. මක්නිසාද යත් එම වෙළෙඳ නාමය සමාජීය කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන බව පාරිභෝගිකයන්ට වැටහෙන බැවිනි.

Increased Brand Awareness and recognition

ආයතනයක් ඉතා ප්‍රබල ලෙස Ethical Business Practices කෙරෙහි වැඩි අවධානයකින් යුතුව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ නම් එම ආයතන පිළිබඳ ප්‍රබල කතිකාවක් පාරිභෝගිකයන් අතර ඇතිවීමේ සම්භාවිතාව ඉතා වැඩිය. මෙහි ඉතා වාසිදායක සාධකය වනුයේ මෙම ක්‍රියාවලිය තුළින් ව්‍යාපාරයකට තම ව්‍යාපාර නාමය පාරිභෝගිකයන් අතර ඉතා සාර්ථක ලෙස ප්‍රචලිත කිරීමට හැකිවීමයි.

Cost Savings

ආයතනයක් CSR තුළින් පාරිසරික ගැටලු නිරාකරණය කිරීමට දායක වන්නේ නම් එම ආයතනයට තම ආයතනයේ පිරිවැය (Cost) අඩුකරගත හැකිය. උදාහරණයක් ලෙස ආයතනයක් තම ආයතනයේ භාණ්ඩවල ඇසුරුම් (Packaging) ප්‍රමාණය සැලකිය හැකි ලෙස අඩුකරන්නේ නම් එම ආයතනයට එම භාණ්ඩයේ නිෂ්පාදන පිරිවැය (Production Cost) සැලකිය යුතු ලෙස අඩු කරගත හැකිය.

An Advantage Over Competitors

ලෝකයේ ආයතනවල %Business Practices^ විශ්ලේෂණය කිරීමේදී එම ආයතන CSR ක්‍රියාකාරකම් තම තරගකරුවන් පහසුවෙන් පරාජය කිරීමේ මෙවලමක් ලෙස යොදා ගනී. මක්නිසාදයත් පෙර සඳහන් කළ පරිදි ලෝකයේ පාරිභෝගිකයන් ඉතා දැඩි ලෙස පාරිසරික හා සමාජීය ගැටලු කෙරෙහි අවධානයක් යොමුකරන ආයතන කෙරෙහි දැඩි පක්ෂපාතීත්වයක් දක්වන බැවිනි.
උදාහරණයක් ලෙස Starbucks ආයතනය තම ආයතනයේ CSR ක්‍රියාකාරකම් නැතහොත් Sustainable Business Practices තම තරගකරුවන් ඉතා පහසුවෙන් පරාජය කිරීමේ මෙවලමක් ලෙස යොදා ගනී.

Greater Employee Engagement

ආයතනයක් CSR ක්‍රියාකාරකම් ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් එම ආයතනයට තම සේවක සේවිකාවන්ගේ ස්වේච්ඡා සේවය (Volunteer Service) එම CSR ක්‍රියාකාරකම් සඳහා දායක කරගත හැකිය. සේවක සේවිකාවන් එවැනි ආයතනවල සේවය කිරීමට දැඩි කැමැත්තක් දක්වන අතර, එම ක්‍රියාවලිය තුළින් Employee Satisfaction වැඩිකර ගැනීමට එවැනි  ආයතනවලට හැකිය. එහි වාසිදායක සාධකය වනුයේ ආයතනයේ ඵලදායීතාව (Productivity) වැඩිකර ගැනීමට හැකිවීමයි. තවද ආයතනයක් %Human Rights^ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම් එම ආයතනයට ඉතා දක්ෂ හා පළපුරුදු සේවක සේවිකාවන් ඉතා පහසුවෙන් බඳවාගත හැකිය. මේ අනුව බලන කල CSR නැතහොත් Corporate Social Responsibility  ආයතනයකට තම ව්‍යාපාර අරමුණු (Business Objectives) හා ආයතනික අරමුණු (Corporate Objectives) ඉතා පහසුවෙන් සපුරාගත හැකිය.

Source : High Speed Traning

 

0 comments

Leave a Reply

Post Comment