පවතින වියළි කාලගුණික තත්ත්වය පරිසයේ වෙනස්කම් ඇතිකර තිබෙන්නේ යම්සේද ඔබේ සිරුරේද වෙනස්කම් රැසක් සිදුකර තිබෙන බව නොරහසකි. විශේෂයෙන් අපේ ඇසට පෙනෙන වෙනස්කම් ලෙස සමේ ඇතිවන වෙනස්කම් පෙන්වාදිය හැකිය. මේ දිනවල බොහෝ දෙනා අත්දකින සම මත ඇතිව තිබෙන තත්ත්වයක් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
- සම වියළි ස්වභාවයක් ගැනීම.
- සම කැසීම.
- සම මතුපිටි ඉරිතැලීම.
- දද, එක්සීමා (Eczema) වැනි තත්ත්ව උග්‍ර වීම.
- අව්වට සම පිච්චීම හා දද ඇතිවීම.
- සමේ දහඩිය බිබිලි ඇතිවීම.
- සමේ කොරළ ඇතිවීම.
- තොල් වියළීම හා පැලීම.
- යටිපතුල් පැලීම හා කැසීම.
කල් පවතින තුවාල හා දද වැනි තත්ත්ව උග්‍ර වීම යන තත්ත්වය ඔබද මේ දිනවල අඩු හෝ වැඩි වශයෙන් අත්විඳිනවා විය හැකිය. මෙය කාලගුණික වෙනස්වීම නිසා ඇතිවන තත්ත්වයක් ලෙස සලකා අවශ්‍ය ප්‍රතිකාර ලබානොගෙන සිටියහොත් ඔබට අත්විඳින්න සිදුවන තත්ත්වය තවදුරටත් බැරූරුම් විය හැකිය. ඒ නිසාම සමේ සිදුවන වෙනස්කම් පිළිබඳ සැලකිලිමත් වෙමින් ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ගැනීම වඩා වැදගත් වෙයි. තවද සමට සිදුවන හානි පෙර සිට වළක්වා ගැනීමට අවශ්‍ය උපක්‍රම අනුගමනය කිරීමටද ඔබ සැලකිලිමත් විය යුතුය.
ඒ සඳහා ඔබට මෙම උපදෙස් පිළිපැදිය හැකිය.
- දිනකට පානය කරන ජල පරිමාව වැඩිකිරීම. දිනකට ජලය ලීටර 06ක් වත් පාලන කිරීම යෝග්‍ය වේ.
- ජලය මෙන්ම දියරමය පාන වර්ග වැඩිවශයෙන් පානයට ගැනීම.
- ඇඟ සේදීමට, නෑමට උණු ජලය භාවිතයෙන් වැළකී සාමාන්‍ය වතුර භාවිතයට ගැනීම.
- මෘදු සබන් වර්ග පමණක් භාවිතයට ගැනීම (මේ සඳහා ළදරු සබන් වර්ග භාවිතය ගත හැකිය.)
- දිනකට තෙවරක් සමට මොයිෂ්චර්යිසර් ක්‍රීම් (moisturizer cream) වර්ගයක් භාවිත කිරීම. උදාහරණයක් ලෙස ageous cream වැනි රාජ්‍ය ඔසුසලෙන් ලබාගත හැකි ක්‍රීම්වර්ග භාවිත කළ හැකිය.
- යටි පතුල් සඳහා හිතකර තෙල් සහිත ක්‍රීම් වර්ගයක් අලේප කිරීම. උදාහරණ Emulsifying Ointment භාවිත කළ හැකිය. මේවාද රාජ්‍ය ඔසුසලෙන් ලබාගත හැකිය.
- තොල් වියළීම හා පැළීම වළක්වා ගැනීමට පැය දෙකකට වරක් වත් වැස්ලින් (vasaline) වැනි ආලේපනයක් ගැල්විය හැකිය.
- හිරු එළියට යන සෑමවිටම හිරු ආවරණ ක්‍රීම් (sun cream) වර්ගයක් අලේප කිරීමට වගබලා ගත යුතුය.
- තවද තොප්පි, කුඩ වැනි අව්වෙන් ආරක්‍ෂා වීමට පාවිච්චි කරන ආවරණ පැලඳීම සිදුකළ යුතුවෙයි.


Ias sampath
03 years 08 months 06 days 49 minutes 11 seconds agoහොද ක්‍රමයක් එත් දන්කොටුව ඇටියාවල දසනායක පිරවුම්පොල ඉන්ධන ජාවාරම් කරුවන්ගේ පාරාදීසයක් ,අහිංසක මිනිසුන්ට පහරදෙමින් ,පොලිම් නිතිය කඩ කරමින් සිටින අතර,ඉන්ධන පිරවුම්පොලේ සේවකයින් ද,එක්වී ඇත,යතුරු පැදිවල,සහ අනේකුත් petrol වාහන සදහා ටැන්කි පුරවා ඉන්ධන ලබාදීමට RS,1000පමන මුදලක් අය කරයි.මෙය ඉතා කනගාටුදායක තත්වයක් වන අතර රජය කෙරෙහි මහජන අප්‍රසාදයට ලක්වන කරුණකි ,කරුනාකර නිතිය කඩ කරමින් ඉන්ධන ලබා ගන්නා ජාවාරම් කරුවන්සසහඅනුබල දෙන මෙම ඉන්ධන පිරවුම්පොල පිලිබද පරික්ෂණක් කරන්න ?
Reply