2023 සහ 2024 වසරවල ශ්‍රී පාද වන්දනාවාරය අදට (26දා) යෙදී තිබු උඳුවප් පුන් පොහොය දිනයෙන් ආරම්භ  විය.

පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රිපාද පුරාණ රජමහා විහාරස්ථායේ සිට සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව දර්ශණීය පෙරහරකින් ශ්‍රීපාද උඩමළුව දක්වා වැඩම කරවීමෙන් පසු මෙරව සිරිපා වන්දනා සමය ආරම්භ කෙරිණි.

ශ්‍රිපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීපාද උඩමළුවේදී වන්දනාවට පෙර සිදු කරනු ලබන  ආගමික වතාවන් සිදු කිරීමෙන් අනතුරුව මෙසේ මෙවර සිරිපා සමය නිල වශයෙන් ආරම්භ විය. 

පළමු දිනයේම ශ්‍රිපාදස්ථානය  වන්දනා කිරීම සඳහා විශාල බැතිමත්හු පිරිසක් පැමිණ සිටියහ.

ශාන් හුලංනුගේ

 

0 comments

Leave a Reply

Post Comment