නානුඔය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් හැටන් සිංගිමලේ දුම්රිය උමං මාර්ගය අසලදි  (28) දින පස්වරුවේ පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඇණහිට තිබු ගමනා ගමන් කටයුතු (29) දින අලුයම 2 සිට යලි යථා තත්ත්වයට පත් කල බව හැටන් දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසිය.

විදේශිය රටක චිත්‍රපටයක් රුගත කිරිම සදහා එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විසින් දුම්රිය දෙපාර්තුමේන්තුවට මුදල් ගෙවා මැදිරි හයකින් සමන්විත මෙම දුම්රිය මේ මස (24-29) දින දක්වා ලබාගෙන තිබු දුම්රියක් බව සදහන්.

රුගත කිරිම් අවසන් කර (28) දින යලිත් එම දුම්රිය නානුඔය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටි අවස්තාවේ එම දුම්රියේ මැදිරියක රෝද කිහිපයක් හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි 108 ¾ සැතපුම් කණුව අසලදි දුම්රිය පිලි පැනිමට ලක් වි තිබුණි.

පිලි පැනිමට ලක් වු දුම්රියේ මැදිරිය යලි (29) දින අලුයම පිලිගත කිරිමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනය යලි යථා තත්ත්වයට පත් කෙරිණ.

 

0 comments

Leave a Reply

Post Comment