කඳුකර ප්‍රදේශවලට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් අද (01) අළුයම 04.00 ට විවෘත වී පැය හතරක කාලයක් ජලය මුදා හැර නැවතත් වැසී ගිය බව මහවැලි අධිකාරිය කියයි.

කියුබික් ඝන මීටර මිලියන 722 ක උපරිම ජල ධාරිතාවයකින් යුතු වික්ටෝරියා ජලාශයේ විවෘත වූ ස්වයංක්‍රීය දොරටු දෙකෙන් තත්පරයට ඝනමීටර් 160 ක ජල ධාරිතාවක් රන්දෙණිගල ජලාශය වෙත මුදා හැරුන බව කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසීය. 

රන්දෙණිගල ජලාශයේ මේ වන විට ජල ධාරිතාව සියයට අසූවක් දක්වා ඉහළ ගොස් ඇති බව මහවැලි අධිකාරිය සඳහන් කරයි. 

ෂේන් සෙනෙවිරත්න

 

1 comment

Kumar

02 years 07 months 24 days 23 hours 23 minutes 04 seconds ago

Victoriawa asalin samada wagey wartha una boohoomi chalana nawathilaada.

Reply

Leave a Reply

Post Comment