මීට වසර ගණනාවකට ඉහතදී  කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙරටට ඩොලර් ඉපයීම සඳහා ගොවීන්ට හඳුන්වා දී තිබූ වැල් දොඩම් වගාවේ සාර්ථක අස්වැන්න නෙලා විදේශ රටවලින් ඩොලර් ලැබෙන අවස්ථාව වනවිට එම අස්වැන්න විනාශ වීමේ බරපතළ තර්ජනයකට ගොවීන් මුහුණ පා ඇතැයි ගලේවෙල බඹරගස්ව වැව ප්‍රදේශයේ ගොවීහු පවසති.

වැල් දොඩම් වගාව මෙම ප්‍රදේශයේ විශාල ගොවීන් පිරිසක් විසින් සිදු කරගෙන යනු ලබන්නේ වසර ගණනාවක සිටය. මේ දිනවල පවතින අධික වියළි කාලගුණික තත්වය හේතුවෙන් වැල් දොඩම් වගාවට වතුර යෙදීමට භූමිතෙල් සහ ඩීසල් ලබා නොදීම නිසා මෙම වගාවේ අස්වැන්න ගස් යටම වැටී විනාශ වෙමින් පවතින බව ගලේවෙල බඹරගස්වැව වගාකරුවෝ පෙන්වා දෙති.

නිසි ලෙස පොහොර නොමැතිවීම විවිධ කෘමි නාශක වර්ග නොමැතිවීම නිසා වැල් දොඩම් වගාව දැඩි අසීරුතාවයකට පත්වෙමින් තිබෙන අවස්ථාවක ඉන්ධන පිරවුම්හල් වලින්  වගාවට අවශ්‍ය භූමිතෙල් නොලැබීම නිසා වගා සියල්ල විනාශ වන බවත් මෙම අස්වැන්නෙන් මෙරටට ලැබෙන්නේ විදේශීය රටවල් වලින් ලැබෙන ඩොලර් බව එම ගොවීන් පෙන්වා දෙති.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශාල මුදල්ක්  වියදම් කොට මෙම ආර්ථික වගාව හඳුන්වා දී තිබෙන බවත් එවැනි අවස්ථාවක අඩුම තරමේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රජය වගකිවයුතු බලධාරීන් මෙම ඩොලර් ලැබෙන පලතුරු වගාවට අවශ්‍ය ඉන්ධන ලබාදීමට මැදිහත් වුවහොත් ගොවීන්ට පමණක් නොව රටටම  ඩොලර් ලැබෙන බව මෙම ගොවීන් පෙන්වා දෙති.

විදේශ රටවල් රැසක ඉහළ ඉල්ලුමක් ඇති මෙම වැල්දොඩම් අස්වැන්න මිල දී ගන්නා ව්‍යාපාරිකයන් පවසන්නේ විදේශ රටවල පවතින ඉල්ලුම මේ දිනවල ඉහළ ගොස් ඇති බවත් සැපයුම ලබාදීමට ෙනොහැකි වී ඇත්තේ ඉන්ධන අර්බුදය නිසාවෙන් බවයි.

විශාල අස්වැන්නක් ලැබුණු ගලේවෙල ප්‍රදේශයේ වැල්දොඩම් වගාව මේ වන විට කුණුවී විනාශ වී යාම නිසා අස්වැන්න ලබා ගැනීමට නොහැකි වී ඇති බව කියති.  

වැල් දොඩම් වගාවේ නිරතව සිටින ගොවීන් කියා සිටියේ තමන් වගා කර ඇත්තේ වැල්දොඩම් නොව ඩොලර් බවය, තම අස්වැන්නෙන් රටට ඩොලර් ලැබෙන බවත් එම ඩොලර් යොදා ඉන්ධන ගෙන ඒම සිදු කරන බවත් එහෙත් ඉන්ධන පිරවුම්හල් සහ ඉන්ධන අලෙවි කිරීමේ දී ඩොලර් උපයන තමන්ට ඉන්ධන නොදී රුපියල් උපයන අයට පමණක් ඉන්ධන ලබා දීම සිදු වුණ බවය .

කෙසේ වෙතත් මෙරට ඩොලර් උපයන ගමේ අසනරණ මිනිසුන් පිළිබඳව මීට වඩා රජය සැලකිලිමත්ව සොයා බැලීමක් සිදු කරන්නේ නම් ගොවීන් සිය දහස් ගණනාවක් අස්වැන්න නැවත වරක් පිටරට යවා ඩොලර් ගෙන්වා ගැනීමට හැකි බවත් එසේ නොවන්නේ නම් තමන් වගා කළ ඩොලර් මේ ආකාරයෙන්   විනාශ වනු බව ඔවුන් දැඩි කනස්සල්ලෙන් යුතුව ප්‍රකාශ කර සිටිති.

 

1 comment

K.b.r.j fernando

02 years 10 months 30 days 18 hours 16 minutes 12 seconds ago

Mama hambanthota sita migamuwata kesel prawahanaya karana kenek ema prawahanayata mata disal 100L k pamana waya wey aka sathiyakata disa 50L k pamana labunoth ape rassawa karaganimata sathi 2 k bala sitimata siduwey akata wisaduma mokakda br nambar AA 9451

Reply

Leave a Reply

Post Comment