අද පෙරවරුවේ පටන් ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වරකාපොළ නගරයෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබේ. එසේම වරකාපොළ නගරයට ආසන්නව හැලගලදී කොළඹ  -  නුවර මාර්ගයට විශාල ගසක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනය ඇණහිට තිබේ.

ගස ඉවත් කිරීමේ කටයුුතු ආරම්භ කර තිබේ. විකල්ප මාර්ග භාවිත කරන ලෙසට රියදුරන්ට දන්වා සිටින අතර වරකාපොල නගරයේ මිරිගම හංදියෙන් මිරිගම නගරයට පිවිස එතැනින් පස්යාල හංදියට පැමිණ කොළඹ නුවර මාර්ගයට පිවිසීමට හැකිවෙයි.

වරකාපොල රංගන රුවන්/චමිල් රූපසිංහ

 

0 comments

Leave a Reply

Post Comment