රාම් හින්දු දෙවියන් වෙනුවෙන් ඉන්දියාවේ අයෝධ්‍යාව තුළ ඉදි කළ මතභේදාත්මක කෝවිල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කරනු ලැබීය. මෙම කෝවිල ඉදිකරනු ලැබුවේ පල්ලියක් ඉවත් කිරීමෙන් අනතුරුවය.

1992 දී හින්දු  කෝලහාල සමයේදී විනාශ කරන ලද 16 වන සියවසේ මුස්ලිම් පල්ලියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් අනතුරුව මෙම කෝවිල ඉදි කර තිබේ. මෙම කෝලහාල වලින් ඉන්දියාව පුරා පුද්ගලයන් 2000ක් පමණ මියගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙම කෝවිල විවෘත කිරීම අද දිනයේදී ලෝකයේ ප්‍රමුඛතම පුවත් සේවා තම ප්‍රධාන ප්‍රවෘත්තිය ‌ලෙස ගෙන තිබුණේ එය තරමක මතභේදාත්මක සිදුවීමක් වූ නිසාය.

අයෝධ්‍යාවේ පැවති උත්සවයට ප්‍රමුඛ පෙළේ සිනමා තරු සහ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ආරාධිත අමුත්තන් දහස් ගණනක් සහභාගී වූහ.

නමුත් සමහර හින්දු භක්තිකයන් සහ බොහෝ විරුද්ධවාදීන් එම උත්සවය වර්ජනය කිරීමට කටයුතු කළේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ක්‍රියාවෙන් දේශපාලන වාසි ලබා ගැනිමට උත්සාහ කරන බවට සඳහන් කරමිනි.
ඉදිරි මාස කිහිපය තුළ ඉන්දියාවේ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. මෙම කෝවිල ඉදිකිරීම සඳහා ඩොලර් මිලියන 217ක් වියදම් වී ඇති අතර කෝවිලේ භාරකාර මණ්ඩලය පවසන්නේ එය පුද්ගලික පරිත්‍යාගවලින් සිදුකළ බවයි.

0 comments

Leave a Reply

Post Comment