පෙබරවාරි මස 09 දිනට යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සා ව 02/09 දින රාත්‍රී එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි.

මේ සදහා එම හෝටලයේ විධායක සූපවේදී දුමින්ද වනිගසේකර මහතා මූලිකත්වය ගෙන ක්‍රියා කර තිබුණි .

අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුතු විය .

මෙම පීට්සා ව නිර්මාණය කිරීම සදහා තක්කාලි කොංග්‍රසයක් ( මිශ්‍රණයක් ) මොසැරැල්ලා චීස් , කුකුළු මස් , සොසේජස් ,විවිධ පාට සහ රස වර්ග 04 කින් යුතු බෙල් පෙපර් , ඔලිව් තෙල් සහ බී ළූණු භාවිතා කර තිබූ අතර මෙම පීට්සා ව විනාඩි 08 ක කාළයකින් පුළුස්සා නිම කර ගැනීමට හැකි වී  තිබුණි .

මෙම පීට්සා ව රස බැලීම සදහා 100 කට අධික පිරිසක් මෙම හෝටල් පරිශ්‍රයට පැමිණ සිටියහ . එකවර 08 දෙනෙකුට භුක්ති විදීමට හැකි වන පරිදි අගල් 25 ක් දිග වන ආකාරයට සකස් කර  පීට්සා කැබළි ඔවුන්ට ආහාර සදහා  පිපිරිනැමීම සිදු කෙරුණි . 

 ඉකුත් 2021 වසරේ දී මෙම හෝටලය අගල් 40 ක් දිග පීට්සා වක් ලෝක පීට්සා දිනය නිමිත්තෙන් සකස් කර තිබුණි

.

0 comments

Leave a Reply

Post Comment